(අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී යෑමෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු වෙනුවෙන් නෞකාවේ රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලැබී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහදපුර මහත්මිය පැවසුවාය.
වෙරළ පිරිසිදු කිරීමට අදාල ගෙවීම් කටයුතු පියවීම සදහා එම මුදලින් රුපියල් 903,857,293 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලබා දී ඇති බවද ඇය පැවසුවාය.
සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබියදී ඉකුත් වසරේ මැයි මස 20 වැනිදා මෙරට මුහුදු සීමාවේදී ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව හේතුවෙන් මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ පරිසර හානිය ගණනය කර සකස්කළ පළමු අතුරු වාර්තාව ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය වෙත යවා තිබෙන බව ද ළහදපුර මහත්මිය පැවසුවාය.
එම ආයතනයෙන් උපදෙස් ලැබුණු පසු නීතිපති දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ අළුත්ම ඇමැති වාහන දෙක තුනක් දැකිය හැක..!
ලැජ්ජයි . රුපියල් බිලියන 1.3 ලොකු ගානක් වගේ පෙනුනට වෙලා තියන හානිය සහ නැව් සමාගම් වල රක්ශන පොලිසි එක්ක බැලුවම සුලු ගානක්. අනික, නැවේ එක වාරයකට යන ඉන්ඨන වියදමත් එක්ක බලුවම ලැබිලා තියෙන මුදල නොසලකා හරින්න පුලුවන්.