(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සදහා නඩු පැවරීම ප්‍රමාද කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (18) කරුණු වාර්තා කර ඇත.
ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම පුවතට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විසින් තම දෙපාර්තමේන්තුවට පැමිණීලි ඉදිරිපත් කරනු ලැබූ බවද අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරිමට ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රි ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට කරන ලද දැනුම් දීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විමර්ශනය ආරම්භ කළ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුනු ඉදිරිපත් කලේය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩු ගොනුව වසා තැබීමට නියෝග කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එක්ස්ප්‍රස් පර්ල් වංචාව අධිකරණයට යයි