(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් නැවේ විනාශයෙන් මෙරට මුහුදේ ආවේණික විසිතුරු මසුන් විශේෂ රැසක් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති බවට පරිසරය, ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇතැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
එසේම නැවේ විෂ අපද්‍රව්‍ය හේතුවෙන් විසිතුරු මසුන්ගේ වර්ණ විවිධත්වයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව එම කර්මාන්තයේ නියුතු වුවන් පැමිණිලි කරන බව එම කාරක සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කළ යුතුව ඇති හෙයින් ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලා සිටින ලෙස කාරක සභාව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
අමාත්‍යාංශ ලේකම්වරයා ඊට එකඟතාව ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් මසුන් රැසක් වඳ වෙලා