IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්සත් ජනපද නියෝජිතයෝ අගමැති හරිනි හමුවෙති

(යොහාන් භාසුර)

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අද (6) පැවැත්විණි.

ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සඳහා පිළියම් සෙවීම සහ අධ්‍යාපනික සහ පාලන සහයෝගීතාව සඳහා ඇති අවස්ථාවන් පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසීය.  

නිපුණ ශ්‍රම බලකාය පෝෂණය කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය ආර්ථික අවශ්‍යතා සමඟ පෙළගැස්වීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, විනිවිදභාවය සහ වගවීම සඳහා රජයේ කැපවීම පිළිබඳව ද මෙහිදී සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ කාර්යභාරය පිළිබඳව ද මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සමානාත්මතාවයේ අන්‍යෝන්‍ය අරමුණු සඳහා දෙපාර්ශ්වයම ඔවුන්ගේ කැපවීම පිළිබඳ මෙහිදී යළි තහවුරු කළේය.

එක්සත් ජනපද නියෝජිත පිරිසට යූඑස්ඒඅයිඩී ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් මහත්මිය, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චුන්ග් මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකා නියෝජිතයන් අතර අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගිවූහ.



අදහස් (1)

එක්සත් ජනපද නියෝජිතයෝ අගමැති හරිනි හමුවෙති

රුවන් Friday, 06 December 2024 08:14 PM

සීයා හිටියා නම් සල්ලි කෝටි ගාණක් වියදම් කරලා ඇමරිකාවටම ගිහින් ලු මහත්තයා හම්බවෙලා, ඇමරිකාවේ ඩිස්නි ලන්තයටත් ගිහින් එනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site