( තිළිණි ද සිල්වා )
නීත්‍යනුකූලව වීසා බලපත‍්‍ර නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලූම විදෙස් ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප‍්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය ලබන දෙසැම්බර් 01 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කර ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ශ්‍රී ලංකා කොන්ස්ල් ජනරාල් කාර්යාලය සඳහන් කර සිටී.
ඉකුත් අගෝස්තු 01 දින ප‍්‍රකාශයට පත් කළ මෙම පොදු සමාකාලය ඔක්තෝබර් 31 දිනෙන් අවසන් වීමට තියමිතව තිබුණත් එය ලබන දෙසැම්බර් 01 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව එරට අනන්‍යතාවය හා පුරවැසිභාවය පිළිබඳ ෆෙඩරල් අධිකාරිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව ඉදිරි සති තුනක කාලය තුළ මෙම පොදු සමා කාලය තුළ එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ලාංකික ශ‍්‍රමිකයින්ට නීත්‍යනුකූල සිටීම සඳහා අවශ්‍යවන බලපත් සකසා ගැනීම , පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම ,සේවා ස්ථානයන්හි විවිධ හිංසනයන්ට ලක්වීම ආදී විවිධ හේතූන් මත යලි දිවයිනට පැමීණීමේ අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට නාමික ගාස්තුවක් පමණක් ගෙවා ආපසු පැමිණීමට අවස්ථාව සැලසෙන බවද එම කාර්යාලය පෙන්වා දේ
තවද වීසා නීති උල්ලංඝනය කරමින් එමිරේටයේ රැඳී සිටින්නන්ට දඩ මුදල් ගෙවීමකින් තොරව එරටින් නීත්‍යනූකූල ලෙස පිටවීමට ද එරට රජය කටයුතු සලසා ඇත.
මේ වනවිටත් වලංගු ගමන් බලපතක් ඇත්නම් අදාළ එමීර් බලධාරීන් වෙත යොමුවීමෙන් අවශ්‍ය සහන සැලෙසන අතර , ගමන් බලපත‍්‍රය අස්ථාන ගතවී හෝ නැතිවී ඇත්නම් එහි පොලීසිය වෙත ගොස් පැමිණිලි කරන්නැයිද ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය අදාළ ලාංකික ශ‍්‍රමිකයින් වෙත දැනුම් දී සිටී.
එසේම කල් ඉකුත් වූ ගුවන් ගමන් බලපත‍්‍ර ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට පැමිණ අලූත් කර ගන්නා ලෙස එම කාර්යාලය ඉල්ලා සිටී.
මෙම පොදු සමා කාලය දීර්ඝ කර ඇති ඉදිරි සති තුනක කාලයක් දක්වා අදාළ තොරතුරු 0097143986991 සහ 0097143986535 යන දුරකථන අංකයන් ගෙන්ද [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ට ලබා ගත හැකි බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සඳහන් කර සිටී.
වලංගු වීසා නොමැතිව නීත්‍යානුකූල නොවන අන්දමින් සිය ඥාතී පිරිස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටී නම් මෙම පොදු සමා කාලය තුළ තම වීසා යාවත්කාලින කරගැනීමට හෝ නැවත ශ්‍රීලංකාවට යාමට කටයුතු කරන ලෙසට ඔවුන් දැනුවත් කරන්නැයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය පවසයි.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්සත් අරාබි එමිරේට්ස් හි රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්ට පොදු සමාකාලය දීර්ඝ කෙරේ