(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇති වීමට කිසිදු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම අඳුරු මතකය කිසිදා හදවත් වලින් මැකී නොයන අතරම, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට රජය අවකාශ සලසා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
පාස්කු ඉරිදා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත් වීමේදී රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වන බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන කුමන්ත්‍රණ වලට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමක් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සියළුම ජාතීන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ දේශපාලන වුවමනා මත ජාතීන් අතර වෛරය ඇති කලේ සමහර දේශපාලකයින්... එබැවින් කරුණාකරලා ඔබලාගේ දේශපාලන ව්‍යාපාරය රටේ ආර්ථික හා දේශපාලනික ගැටළුවලට විසඳුම් සොයන ආකාරය පිළිබඳව ඇති යෝජනා හා ප්‍රතිපත්ති. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව හෝ සංහිඳියාව පිළිබඳව හෝ ගැටළුවක් නැහැ. අපි විශ්වාස කරන ආකාරයට... වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන පොදු ගැටළුව වන්නේ දරා ගැනීමට නොහැකි දැඩි ආර්ථික අර්බුදය හා දූෂිත දේශපාලකයින් විසින් මේ රටට කළ ආර්ථික විනාශයට විසඳුම් සෙවීම සඳහා විශ්වාසනීය පාලන ක්‍රමයක් ඇතිකිරීම වේ...
පාස්කු ප්‍රහාරය මොකක්ද?
රට තුළ දිනපතා සිදුකරන ඝාතනය නවත්තන්න බැරි මෙයා, පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇතිවීමට කිසිඳු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියන එක විශ්වාස කළ හැකිද?
ප්‍රහාරයේ මහමොලකරුවන්ව ආරක්ෂා කරනවාට සාප වෙනවා.
රටතුළ දිනපතා සිදු කරන ඝාතනය නවත්තන්න බැරි මෙයා, පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇතිවීමට කිසිඳු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියන එක විශ්වාස කළ හැකිද?
පාස්කු ප්‍රහාරය එල්ලවන බව කලින්ම දැනගෙනත් නිකම් හිටියා. මහ මොළකාරයින්ව ආරක්ෂා කරන්නේත් තමුන් මිසක් වෙන කවුරුවත් නොවෙයි.
මේ සැරේ මම ඡන්දය කිසිම කෙනෙකුට නොදී කටුගා දමනවා..අපරාදෙ කියල කෙනෙක් කියයි.. මෙච්චරකල් ඒක දීල කොරගත්ත අපරාදෙ තරමේ හැටියට කාටුගා දැමීම මහලොකු අපරාදයක් නෙවෙයි.. මේ දේශපාලුවන් සියල්ල එක මිටට තබා, ප්‍රතික්ශේප කරන බව ජනතාව පෙන්විය යුතුයි. ඡන්ද පත්‍රිකාවේ, "මේ කිසිවෙකු නොවේ" යැයි මතය ප්‍රකාශ කිරීමට ඉඩක් නෑ. ඒ නිසා මිනිස්සු තම විරොධතාවය ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රදර්ශනය කළ යුතුයි.. මේ තක්කඩි දේශපාලන පංතියම වෙන්ස් වියයුතුමයි. දේශපාලනය කරන්නෙ හැමදාම එක සෙට් එකක්.. නීතියත් එහෙමයි. ආගමික අංශයත් එහෙමයි. හැමෝම තමන්ගෙ යැපීම වෙනුවෙන් අපිව අන්දන්ඩ තමයි සූදානම. පාර්ලිමේන්තුවෙ මෙතෙක් කල් හිටපු හැමකෙනාම මේ තත්වයට වග කිව යුතුමයි. අපි නෙවෙයි කියල කාටවත් ගැලවෙන්ඩ බෑ. වැරැද්ද ගැන ගිරිය පුප්පගෙන කෑ ගැහුව කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි. ඕකෙ හිටපු, ඉන්න හැමෝම අවස්ථාවාදීව "ජනතාව" පාවිච්චි කළා. පාවාදුන්නා..
භාශා පනත් ගෙනල්ලා, යාපනේ පුස්තකාලෙ ගිනි තියලා, 83 කලු ජූලිය ගෙනල්ලා, වද කොත්තු, වද බේත් ගෙනල්ලා මේ රටේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කොටවලා මේ රට අමු සොහොනක් කලේ උඹලා තමයි. ඒ කලේ උඹලගෙ පන්තියට හැමදාම බලයේ ඉන්න. අපි ආයෙත් අහුවෙන්නෑ. අන්තිම මාස කීපය සතුටින් හිටපල්ලා
කුරානයට ගිනි තියනකන් ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම් නවතින්නේ නැහැ.