IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්ගේ ප්‍රකාශ සැක සහිතයි

(රෝෂන් තුෂාර)

මෙරට මුහුදේදි ගිනි ගැනීමට ලක්වු එම් වී  එක්ප්‍රස් පර්ල්  නෞකාවේ කපිතාන්වරයා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක් ඉස්මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද (12) පැවසීය.

නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩ රාශියක් දේශීය නියෝජිත ආයතනයට ඒවා ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් එම ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය විසින් විශේෂඥ විශ්ලේෂණ වාර්තාවක් සති දෙකකින් ඉදිරිපත් කරන බවත් සඳහන් කරමින් රාශික් මහතා එසේ පැවසීය.

එම විශ්ලේෂණ වාර්තාව අනුව දේශීය නියෝජිත ආයතනයට හෝ යම් පාර්ශවයකට නීති සහන ලැබිය යුතු නම් එය ඒ ආකාකාරයෙන්ම ලැබෙන බවද නියෝජ්‍ය සොලිස්ටේජ්රාල්වරයා සඳහන් කළේය.

2021 මැයි මස 19 වැනි දින මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරමින් රාශික් මහතා එසේ පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ නඩුව කැඳවිය.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයින් හත් දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥ සහකාර සි.පී සුදුවැල්ල මහතා අධිකරණයේ පෙනී සිටිමින් අදාළ විශේෂඥ වාර්තාව සති දෙකින් ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කර සිටියේ අදාල ගෙවීම් කර නොමැති බවය.එහෙත් වාර්තාව ලබාදීම මුදල් ගෙවීමේ පොරොන්දුව මත ඉදිරිපත් කළ හැකි බවද සඳහන් කළේය.

රජයේ රස පරීක්ෂකවරයා ඉදිරිපත් කරන විශේෂඥ වාර්තාව ද නොබෝ දිනකින් ලැබෙනු ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

දේශීය නියෝජිත ආයතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.

මෙම නෞකාව ගිනිගෙන අවුරුදු තුන සපිරෙන්න තව මාස තුනයි.නඩුවාර තිස් දෙකක් කැඳවලා තියෙනවා.නමුත් විමර්ශන අවසන් නැහැ.විමර්ශන විශේෂඥ වාර්තා කැඳවා මුදල් ගෙවලත් නෑ.විමර්ශන කඩිනමින් අවසන් කරන්න නියෝගයක් නිකුත් කරන්න ස්වාමීනි.

නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා මෙසේ පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් විමර්ශන අවසන් කරල නෑ  එහෙත් නීතිපතිවරයා මඤ්ඤොක්ක හැලිය ඉඳින්න කලින් බෙදුව වගේ අධි චෝදනා දාලත් ඉවරයි.මේක මූලික නීති සිද්ධාන්ත උල්ලංඝනය කිරීමක්.

විශ්ලේෂණ වාර්තා කැඳවන්න මුදල් දීලා නෑ කියන එක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විධායකයේ ප්‍රශ්නයක්.මේ වගේ අනීතික දේවල් සිද්ධ වෙන්න ඉඩදෙන්න එපා ස්වාමීනී.කඩිනමින් විමර්ශන අවසන් කරන්න කියලා නියෝග කර අවසන් වශයෙන් දිනයක් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වරාය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් රජයේ ජේෂ්ඨ නීතිඥ මලික් අසීස් මහතා පෙනී සිටි අතර විත්තිකාර කපිතාන් රුසියන් ජාතික විර්ටලී, වෙනුවෙන් නීතිඥ නිපුණ විමලසේකර මහතා  පෙනී සිටියේය. කපිතාන්වරයා විසින් ගිනි ගැනීමට පෙර දේශීය නියෝජිත ආයතනයට ඊමේල් පණිවිඩ ජාලයක් යොමු කර ඇති බවද නීතිඥවරයා පැවසීය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගයේ මාසයකට කල් තැබීය.



අදහස් (0)

එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්ගේ ප්‍රකාශ සැක සහිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site