IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එක්ප්‍රස් පර්ල් ගැන වාර්තාවක් අධිකරණයට

(රෝෂන් තුෂාර)

එක්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා නැව ගිනි ගැනීමට පෙර  දේශීය නියෝජිත ආයතනය දැනුවත් කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ විශ්ලේෂණ වාර්තාවක්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නැවේ කපිතාන්වරයා විසින් දේශීය නියෝජිත ආයතනයට යොමු කලේ යයි කියන ඊමේල් පණිවිඩ රාශියක් මගින් මෙම විශේෂඥ වාර්තාව සකසා ඇත.

එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට හා දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයින් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය ගොනු කළ පැමිණිල්ල අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ වාර්තාව විශ්ව විද්‍යාලයේ නියෝජිත වරයකු අධිකරණයටභාර දුන්නේය.

වාර්තාව සැකසීමට කොළඹ විශ්ව විද්‍යාලයට වැය වූ( රුපියල් මිලියන 2.2 මුදල් රජය මඟින් විශ්ව විද්‍යාලයට ගෙවා ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසීය.

ගෙවීම් කර නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශ විශේෂඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

අදාළ මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු සම්පාදනය කරන බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ මලික් අසීස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

නැවේ කපිතාන් වරයා විසින් පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක් ඉස්මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු  ඉදිරිපත් කරමින් දන්වා තිබිණි.

2021 මැයි මස 19 වැනි දින මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය ඇතුළත් පිටු තුනකින් යුත් වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වෙනුවෙන්  ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ,මහත්වරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වරාය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකාර කපිතාන් රුසියන් ජාතික විර්ටලී, වෙනුවෙන් නීතිඥ නිපුණ විමලසේකර මහතා  පෙනී සිටියේය.



අදහස් (0)

එක්ප්‍රස් පර්ල් ගැන වාර්තාවක් අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site