(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනා පෙර ඇප මත මුදාහැරීමට නියම කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වු හිටපු එල්ටීටීඊ සාමාජිකයා ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (23) නියෝග කළේය.
නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වු සුමතිපාල සුරේෂ් නැමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයා අසත්‍ය සාක්කිදීම හේතූවෙන් ඔහු මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන සංජීව මොරායස් (සභාපති), දමිත් තොටවත්ත සහ මහෙන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබිණ.
මෙම නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩගේ ඝාතනය හරි සංකිර්ණයි. ඒකට චම්පික, ෆොන්සේකා යන අයගේ නම් ද ඈඳිලා තියෙනවා. කෙසේවෙතත් මෙය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර විසඳීම ගරු අධිකරණයට බාරයි...