
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද (17) දැනුම් දුන්නේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්විය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු කමිටුවක් පත් කර ඇති අතර සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහෙයවයි.
කෙසේ වෙතත් එම සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැතැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට දන්වා ඇති රනිල් වික්‍රමසිංහ මහතා අදාල සාකච්ඡා ඉතා ඉක්මනින් අවසන් කළ යුතුව ඇතැයිද තවදුරටත් මන්දගාමීව ඇදගෙන යෑමට කාලයක් නැතැයිද දැනුම් දී තිබේ.
ලබන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු යැයි එම සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණියහොත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට එය ගැටළුවක් නොවේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙනවාට තමාද කැමති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.
අදාළ සාකච්ඡා වලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැතැයිද වික්‍රමසිංහ මහතා පවසා ඇත.
එවැනි එකතුවක් සඳහා තමා ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවද එජාප නායකයා කීවේය.
" මම පක්ෂ නායකයා ලෙස බොහෝ කල් හිටියා. රටේ ජනාධිපති වුණා. යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් ඉවරයි.ඒ වගේම රට අසීරුම මොහොතකට පත් වූ අවස්ථාවේ රට බාරගෙන ඉහළට ඔසවා තබන්නට කටයුතු කළා.ඒ නිසා මේ අත්හැරීම මට ගැටලුවක් නොවේ. හැබැයි මෙය ඉක්මනින්ම ඉවර කළ යුතුයි"යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට වැඩි දුරටත් පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
Rata Perata Wednesday, 17 December 2025 09:47 PM
ඔය කතාව අපි මීට පෙර අහලා තියෙනවා. ඒත් මෙයා මැරෙනකම් යන්නේ නෑ. ඕන ඔට්ටුවක් දානවා.
ගාමිණී Thursday, 18 December 2025 06:40 PM
කවුද කැමති එක්සත් ජාතික පක්ෂය සජිත්ට බාර දෙන්න, එයාගේ පියා නිසා එක්සත් ජාතික පක්ෂය 0 වැටුණා. ඔහු පක්ෂය විනාශ කළා. ඉතින් සජිත්ට එක්සත් ජාතික පක්ෂය බාරදෙන්න කැමැති කවුද? ඔහු සමග සිටින පිරිසට ආණ්ඩුවක් කරන්න පුළුවන්ද? රට සිතනා කිසිවකු සජිත්ට ආණ්ඩුවක් ලබදේවිද?
hewa nishantha Wednesday, 17 December 2025 09:56 PM
ඉතින් පල
de silva Wednesday, 17 December 2025 10:04 PM
අර JR කළා වගේ ඔබත් විශ්‍රාම යන්න , දැන් කාලේ හරි
Bandara Wednesday, 17 December 2025 10:25 PM
රනිල් අයින් වෙලා සජිත් ට නායකත්වය දුන්නොත් තලතා දීල ගීත ගත්ත වගේ වෙයි.
රනිල් වික්‍රමසිංහ Wednesday, 17 December 2025 11:01 PM
" මම පක්ෂ නායකයා ලෙස ඉන්දැද්දී චන්ද 20 ගණනක් පැරදුනා.එත් කවුරුවත් එළිපිට මාව අයින් කරන්න හැදුවේ නැහැ.ඒ කාලේ මම අධ්‍යාපන සහ තරුණ කටයුතු ඇමති ලෙස මම මගේ වැඩ කොටස නියමෙටම කළා ...බටලන්දේ මගේ ප්‍රයිවෙට් වධකාගාරයේදී කොල්ලෝ කෙල්ලෝ 1000 කට වැඩිය දිව්‍යලෝකෙට යවව්වා.රට අසීරුම අවස්තාවේදී මේ රට කාපු පට්ට හොරු රැලකගේ චන්ද 143 කින් මම පින් ජනාධිපතිවුනා. මම කෘත්‍යාධිකාරී මණ්ඩලය ගානට සෙට්කරලා තියෙන්නේ,සජියා නොවෙයි උගේ මහා එකා වලෙන් නැගිටලා ආවත් මම හදපු කෘත්‍යාධිකාරී මණ්ඩලය නටන්නේ මම කියන විදිහටයි ..ඒ නිසා " ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් " .
ravin Wednesday, 17 December 2025 11:09 PM
මෙයා යන්න… එළොව ගිහින් හරි බලයි, කාටද කකුල් මාට්ටුවක් දාන්න පුළුවන් කියලා.
චතුරි Wednesday, 17 December 2025 11:19 PM
දැන්ද තේරුනේ තමා අනුන්ට බරක් බව. රටත් කෑවා. පක්ශෙත් කෑවා. බඩ පිරෙන්න කජු කාලා ඉස්තරම්ම එකෙන් කෝටි ගානක කජු. පිනට රට සවාරි ගැහුවා දැන් කියනවා මම යන්නම් ලු. චුතවෙලා යනවද. ටිකකලට නාකි මයිනත් එක්ක මහන වෙන්න නම ගිය ලොකු හාමුදුරුවො ඉන්නවා පිලිගන්න. මහන වෙලා පන්සිල් පද පහ. මොලේටවදිනකම් කියන්න. ඒ පන්සිල් පද පහෙන් නොකරපු එකක් තියෙනවද. තනියම ටන්නෙ නැතිව නාකිමයිනත් එක්ක යන්න. දැන් ඉතින් දෙන්නම අවලන්ගු කාසියක් විතරයි. දෙවියනේ මිනිසුන්ට දුන්න ගින්දර වලට නැවත මනුස්ස ආත්මයක් හරි. බල්කෙක්වෙලා හරී ඉපදුනොත් ඒක හාස් කමක්
සම්පත්Thursday, 18 December 2025 12:23 PM
මට හිතෙන්නේ චතුරි කියන්නේ රට ගැන මෙලෝ හසරක දැනුමක් නැති මාලිමාවේ කෙනෙක්. කව්ද පෝලිම් ටික නැති කලේ? ගෑස්, ඉන්ධන, කෑම හැම දේටම පෝලිම් තිබ්බේ. එහෙව් රටකට හුස්ම ගන්න ඔක්සිජන් දුන්නේ රනිල්. මම රනිල්ට කැමැතිම නෑ. මැරෙනකම් unp නායකත්වයේ ඉන්න රනිල්ට ඕනෑ. බල පෙරේතයෙක්. ඒත් ඇත්ත කිව යුතුයි. රනිල් නොවෙයි බ්ස්න් රට කෑවේ ජෙප්පො කියන හැතිකරේ. ගිනිතියපු ගොවිජන සේවා මධ්‍යස්ථාන, බස්, රජයේ ගොඩනැගිලි,. කොටින්ට පස්සේ මේ රටට ලොකුම හානිය කලේ ජෙප්පෝ. රනිල් ගොඩගත්තු ආර්ථිකය අද මේ මිනිස්සු ගෙනියන්නේ...
උමගිලියThursday, 18 December 2025 06:29 PM
රටේ ඔක්කොම ධනේ බලේ තිබුණු අය පොල්ගෑවද ජෙප්පො රට කනකං? ගොන්නුත් දැක්කා ඒත්..
NilanthaThursday, 18 December 2025 08:03 PM
සම්පත්ගෙ අදහස සියයට ලක්ෂයක් හරි පව්කාර ගෑනුන්ගේ කෙල්ලෙකුට ඒවා තේරුම්ගන්න අමාරුයි
AB Wednesday, 17 December 2025 11:54 PM
එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව කිසිවකු ප්‍රකශ කර නොමැත. සමගි ජන බලවේගය කියා නාමික පක්ෂයක් ඇත. එම පක්ෂයේ සිටිනා අති බහුතරයක් පිරිස එක්සත් ජාතික පක්ෂිකයන්ය. මේ අවස්ථවේ තිබෙන්වූ ප්‍රධානම ගැටලුව හානියට පත්වූ රට සැලසුම් සහගතව ගොඩනැගීම වේ. ඒ සදහා සහ ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අද්දැකීම් ඉතාම වටිනේය. යම් පිරිසක් පසුගිය කාලයේ කියා සිටියේ රනිල් නිසා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් ගොඩනැගිය නොහැකි බවකි. විවිද පිරිස් විවිද මත පළකළේය. පක්ෂයේ නායකත්වය පිලිබදව මිස රට ගොඩනැගීම ඔවුන්ගේ අවධනය යොමු නොවිණි
චමින්දThursday, 18 December 2025 12:28 PM
AB ද පට්ට ගොන් B ද නම. පට්ට මෝඩයෙක්නේ. සමගි ජන බලවේගය කොහොමද නාමික වෙන්නේ...? ගනින් අංගොඩ ගිහින් බෙහෙත් ටිකක්... නතර වෙන්නම වේවි රෝහලේ. ඡන්දෙදී 2 වෙනි මනාපය ගණන් කලේ සජබේ මාලිමාවට ආසන්නව ඡන්ද ගත්තු නිසා... දෙකේ එකතුවට බාධාව රනිල්, වජිර සාගල් සහ අකිල. ඒක මේ මිනිහා දන්නේ නැත්ද?
Gunawardena-Tijhaar Wednesday, 17 December 2025 11:58 PM
ඔයා යන්නම ඕනේ. මොන බයිලා කිව්වත් තණ්හාව තාම තියෙන මාර සල්ලියක් තියෙනවද? අර්ජුන බැංකුව කඩලා දුන්න සල්ලි කොටස?
Lalla Thursday, 18 December 2025 12:07 AM
රනිල් සජිත් දෙන්නම යන්න ඕන. නව නායකත්වයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තනි පක්ෂයක් ලෙස ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව තේරුම්ගත යුතුයි නේද?
සත්‍යපාල Thursday, 18 December 2025 01:38 AM
පිස්සුද අනේ යන්න එපා කොහොමහරි අල්ලාගෙන ඉන්න බලන්න. ස්වාභාවිකවම යනකම්ම අල්ලාගෙන ඉන්න. තරගකරපු හැම වෙලාවේම මිලියන ගණන් ඔයාට චන්දෙ දුන්නේ යන්න එපැයි කියලා නොවැ. ඔය කොහෙහරි ඇදවැටිලා අංඥකොරොස් වෙනකම් යන්නේ එහෙන නෑ තේරුනාද ඉලන්දාරියා.
Perera Thursday, 18 December 2025 03:16 AM
ඔහෙට යන්න කියලා ජනතාව කිව්වේ මීට අවුරුදු 20කට විතර ඉස්සර ඉඳන්.
ලුම්බිණි Thursday, 18 December 2025 04:13 AM
තව යන්නට ඉතුරුව තිබෙන්නේ එකම තැනක් පමණයි .
Neel Thursday, 18 December 2025 05:30 AM
කවුරු අයින් උනත්, කවුරු එකතු උනත්, ජනතාව අනුර දිසානායක ජනාධිපතිතුමා ඇතුලු මාලිමා ආන්ඩුව සමගයි .ඒකයි ඇත්ත කතාව.....
සෑම් Thursday, 18 December 2025 05:38 AM
තමුසේ ගියත් එකයි හිටියත් එකයි. ඔය එකහු කරන්න හදන්නේ රට කාපු ඉහලම හොර පාදඩයෝ ටිකනේ
CK.Lankaputhra Thursday, 18 December 2025 05:41 AM
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තත් දෙකම එකයි.
Left voter Thursday, 18 December 2025 05:57 AM
ලොක්කා හිටියා ඇති, තරැනයන්ට ඉඩ දෙන්න. කරැනාකරලා යන්න . Adios!!!!
Achi Thursday, 18 December 2025 06:06 AM
බැඳුම්කරෙන් මාටියා ගහපු සල්ලි ටික දැන්වත් දුන්නොත් ලොකු දෙයක්.
Shaa Thursday, 18 December 2025 06:08 AM
ඔබතුමා ඉන්නකං ගොඩ යාමක් නෑ. ඔයා show එකක් දාලා ආයෙ කියයි අපිට රනිල් ඕනේ කියලා
Ud Jayawardena Thursday, 18 December 2025 06:23 AM
ඔබතුමා යන්න එපා. ගියොත් එක්සත් ජාතික පක්ෂය නූගත් මන්ද බූද්ධිකයන්ගේ ග්‍රහණයට හසු වෙනවා සොත්ති උපාලිගේ කොල්ලා එන්නේ
තවත් අවදාන හිඟන්නෙක් Thursday, 18 December 2025 06:25 AM
ඊශ්වරගේ වයිෆ්ලට හැර රටටම අප්පිරියයි. අවදානේ ගන්න දන්නෑ වගේ බොරුවට දොඩවනවා. දැන් සට්ටැඹියෝ ටික අනේ සර් යන්න එපා කියල තොඳොල් වෙයි.
Amal Thursday, 18 December 2025 06:36 AM
කවදාවත් රනිල් යන්නේ නැහැ...ඒ තරම් බලලෝභී , ආත්මාර්ථකාමි මනුස්සයෙක්... කවද හරි යන්නේ එජාපය වහලා දාල තමයි..(පව් වැඩේ, රුවන් විජේරත්න ඒ දවස් වලම වෙනම පක්ෂයක් හදාගත්ත නම් මේ වෙනකොට සැහෙන ප්‍රගතියක් ලග ගන්න තිබුන...)
විදුරංග Thursday, 18 December 2025 06:51 AM
ගිහින් අර දමනි ටිකට ස්ටෙන්ට් දාගන්න මේ විකාර නැතුව. හේමාස් එකෙත් කරනව ලංකා හොස්පිටල් එකෙත් කරනව. සතියෙන් ගොඩ.
තරස්ත මාෂල් Thursday, 18 December 2025 06:58 AM
ඇත්තටම ඔබ තුමා යන්න ඕන, වැදගත් මහත්මා ගතිගුණ ඇති යහපත් පුරවැසියෙකුට එය බාරදීල . නිදන් හොරුන්ට බාරදීල ගියොත් රටම විනාසයි . පක්ෂයත් ඉවරයි .
Nimal 1 Thursday, 18 December 2025 07:02 AM
එළුවාට වඩා මේ ජාතියේ විනාශය දිගටම කරගෙන ගිය අපිරිසිදු මිනිසා , මහජනයා දැනටමත් ඔබව එළවා දමා ඇත.
රුචිර දේශප්‍රිය Thursday, 18 December 2025 07:10 AM
අනේ යන්න හිටියා ඇති හොද ළමයා
Kasaa Thursday, 18 December 2025 07:30 AM
අනේ යකො, උඹ ඕක දැන් අවුරුදු 30ක් විතර කියනව නේද? ඉතිං, කිය කියා ඉන්නෙ නැතිව අයින් වෙලා පලකො!
සුදා Thursday, 18 December 2025 07:57 AM
ඔයා මොන බාදාවක්ද, බාදාව රවී, වජිර..
I D N K JINASENA Thursday, 18 December 2025 08:03 AM
යන්න එපා, ඉතුරු ටික කන්න ඉන්න.
Marikkar Thursday, 18 December 2025 08:06 AM
මේ පච නායකා අභාවප්‍රප්ත වෙනකම් පක්ෂය අත හැරලා යන්නේ නැත යන පණිවිඩය තමයි ් මම ඕනෑ වෙලාවට පක්ෂ නායක ධූරයෙන් ඉවත් වන්නට ලෑ ස්ති කියන කතාවේ තේරුම, මෙය මේ රටේ ජනතාව හොදට තේරුම් ගත යුතුයි.
චන්දිමාල් Thursday, 18 December 2025 08:11 AM
මෙය ඔබ දැන්වත් තේරුම්ගැනීම ලොකු දෙයක්.ඔබ කලමනාකරනයේ විශිස්ටයෙක්.මේ රටේ බිහිවූ හොදම රාජ්‍යතාන්ත්‍රිකයෙක්.ආර්තික අර්බූදයෙන් රට ගොසගත්තෙ ඔබ.ඒත් ජනතාව අතර ඔබ අලෙවි නොවෙන ජාත්‍යන්තර නිශ්පාදනයක්.ජනප්‍රිය නෑ.ඔබව විනාසකලේ වජිර,සාගල,අකිල කියන අපතයො ටික.ඒ තිදෙනාම ජනතාව ප්‍රතික්ශේප කල unp එක බින්දුවට බස්සපු අය.එමෙන්ම ඔබත් සීමාවක් නැති බල තන්හාවෙන් පෙලෙන කෙනෙක්.එකතුවෙන්න හදද්දි මිකක් හෝ ගේමක් ගහල නායකත්වයෙ ඉන්නව.කෘත්‍යාදිකාරී මන්ඩලයේ 100%ක්ම ඉන්නෙ ඔබගේ ගෝලයො.ඔවුන් ස්තිරවම කියනව ඔබ සිටිය යුතු බව.එතනින් එහාට එකතුවීම ඉවරවෙනව.සජිත්ට නායකත්වයෙ දීල ඔබ ඉවතට යායුතුයි.වජිර,සාගල,අකිල එක්කො හැදෙන්න ඕනි.නැත්නම් ඔබත් සමගම යායුතුයි.
ධර්මදාස ලොකු යද්දෙහිගේ Thursday, 18 December 2025 08:21 AM
හිටපු ඡනාධිපති රනිල් විකුමසිංහ මැතිතුමා පක්ෂයේ ඡ්‍යෙෂඨ උපදේශක තනතුරට පත්කොට පක්ෂ නායකත්වය සඡිත් මහතාව පත් කිරිම මගින් පුශ්නය විසදාගන්නට පුලුවන් යැයි මම සිතමි..දැනටමත් සමගි ඡන බලවෙිගයට UNP පක්ෂයට වඩා මහඡන කැමැත්තක් ඇත. මෙි අවස්ථාවෙි රනිල් මැතිතුමා දරන මතය
සිරිවර්දන ඉලේපෙරැම Thursday, 18 December 2025 08:42 AM
රනිල් මැතිතුමා ගේ අදහස ඉතාමත් ශෙෂ්ඨයි. ඔබතුමා එ.ඡා පක්ෂයේ ඡ්‍යෙෂ්ඨ උ පදේශක තනතුර දරමින් පක්ෂ නායකත්වය සඡිත් මහතාට භාර දෙන්න. එහෙම නැතුව තව දුරටත් රනිල් මහත්මයා පක්ෂ නායකත්වයට උනන්දු වන්නේ නමි පක්ෂ දෙකේ එකතුව සාර්තක නොවෙි. එහෙම උනාම පාක්ෂිකයෝ වශයෙන් අපි හැමදාම දුක් විදිනවා. මහඡන තාවයේ දුක් කමි කටොලු ගැන හැගිමි දැනින් නොමැති රනිල් මැතිතුමා මෙි අවස්ථාවෙි සිතන ආකාරය ගැන ඡනතාව වශයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා.
Siripala Thursday, 18 December 2025 08:43 AM
ඔය කිව්වට යන්නේ නෑ, ෂුවර් බහිරවයා වගේ ඉඳීවි
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 18 December 2025 08:48 AM
ජීවිත කාලයම නායකත්වයේ හිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තමන්ගේ පැවැත්මට හෙන්චයියන්ව දාගෙන. රටේ ඉහළම පුටුවට එගොඩවුණේ හොර වැල්පාලමෙන්, ජනතා කැමැත්තෙන් නොවෙයි. තරුණයින්ව ටයර් සෑයෙන් එළොව ඇරලා, "තරුණ අපේ අනාගතය" කියලා මුළු කොළඹම වැහෙන්න පෝස්ටර් ගහලා, පාර්ලිමේන්තුවට රිංග ගත්තා. බලයේ හිටපූ කාලේ රටේ මහජන ධනය හෙන්චයියන්ට හොරාකන්න දීලා, රටේ ආර්ථික මර්මස්ථාන කුණුකොල්ලෙට විකුණලා දැම්මා. මේ රටට විපතක් මිසක් සෙතක් කවමදාකවත් වුණේ නෑ...ඒකයි පරම සත්‍ය...
වින්සන්ට් කජ්ජා Thursday, 18 December 2025 08:57 AM
රටේ ජනාධිපති උනාලු! පිං කෑල්ල හැලිල. පැනගිය විධායක ජනාධිපතිගේ කොටේ අදින්න කිවාවනම් තමයි හරි.
Bunny Preena Thursday, 18 December 2025 09:24 AM
දැන්වත් මොළය පාවිච්චි කළ එක ලොකු දෙයක්.
නිහාල් Thursday, 18 December 2025 09:49 AM
ධමනියෙ කතාව ඇත්ත නම් මෙච්චර නටන්න වෙන්නේ නෑ.
ජගත් Thursday, 18 December 2025 09:53 AM
ඔය එක්සත් ජාතික පක්ෂයේ කිසිම ජන පදනමක් තියෙන කෙනෙක් නැනේ. ඉතින් ඇයි ඔච්චරම ඔවුන් එක්ක එකතු වෙන්න සජිත්ගේ පක්ෂය දගලන්නේ? එකම වාසිය වෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය කියන නමට යම් වටිනා කමක් තියෙන්න පුළුවන්. එත් ඒ පක්ෂය තනියෙන් චන්දෙ ඉල්ලලා එකම එක මන්ත්‍රීදුරයක් ගන්නේ, ඒකත් ජාතික ලැයිස්තුවෙන් (රනිල් ජනාධිපති වෙන්නේ ඒකෙ පිනෙන්). අනික රනිල්ට ජනාධිපති වෙන්න කිසිම මහජන ප්‍රශාදයක් නැහැ. ඒ නිසා චන්දයකින් ජිවිතේට දිනන්න බැහැ. වලවූ පලන්තියකින් උඩගු වෙච්ච ඔහුට අති බහුතරක් වෙන පොඩි මිනිසුන් ගැන සත පහක කැක්කුමක් නැහැ. ඒ නිසා කොහෙන් හරි නිකන් ලැබෙන කනා චාන්ස් එකකින් හැර රටේ නායකයා වෙන්න බැහැ. අන්තිම චන්දයේදී (ජනාධිපතිවරණය සහ මහා චන්ද) හොරකන් කලේ රාජපක්ෂලාගේ චන්ද ටික. නමුත් ඒ ටික නාමල් අපහු ලබා ගනිමින් ඉන්නවා (ඒක පසු ගිය ප්‍රාදේශීය චන්දයෙදී දැක්කා). ඔය උඩ ඉන්න සාගල, රුවන් වගේ අයට කිසිම ජන පදනමක් නැහැ. ඉතින් සජිත්ට තියෙන්නේ මේ කුණු ගොඩවල් ටික ගැන හිතන්නේ නැතිව තනියම ගමනක් යන්න.
Dhanushka Thursday, 18 December 2025 10:17 AM
තාමත් සීයද එ.ජා.ප. නායකයා?
තඹුත්තේගම පත්ත දකා Thursday, 18 December 2025 10:33 AM
ඔය මොනවා කරත්, මාව ඔය එකකින්වත් එලවන්න බෑ !
matara sunil Thursday, 18 December 2025 10:56 AM
ඔහේ සජිත් එක්ක ඇහැක් විදියට එකතු වෙන්න. අපිං පාංද?
wedage Thursday, 18 December 2025 11:01 AM
මහජනයා ඔයාට කැමති නෑ ඒක නිසා මහජන ඡන්දයෙන් ඔයාට ජනාධිපති වෙන්න බැහැ
wedage Thursday, 18 December 2025 11:37 AM
ඔයා අනිකිතව දුන්නු මහජන මුදල් ආපහු රජයට අය කරගන්න ක්‍රමයකුත් හදන්න බැරිද?
සිරිදාස Thursday, 18 December 2025 11:37 AM
කොල්ලො එංගලන්තෙ ලක්ෂ 160ක් වියදම් කරල ගිය විනෝද ගමනට , ආන්ඩුවෙ බෝඩිමට යන්න ලැස්ති වෙන්න
Chandima Thursday, 18 December 2025 11:38 AM
කලබල වෙන්න ඕනෑ නැහැ හෙට අනිද්ද කූඩුවට ගියාම අස්වුනා වගේ තමයි.
Lawariyadaasa Thursday, 18 December 2025 12:02 PM
ඉතින් පලකො තවත් කෙකර ගගා ඉන්නෙ නැතුව. උඹේ ධමනි 3 ක් බ්ලොක් නේද? එහෙව් එකෙකුට නායකත්වයක් දරන්න බැරි බව ඕනම පොඩි ළමයෙක්ටත් තේරෙනවා. ඒත් මේ පීං පියාට තේරෙන්නෙ නැති ඒකයි පුදුමේ. මූ අවුරුදු කීයක් විපක්ෂ නායක කමේ හිටියද? ඒත් ඒක මැතිවරනයක් වත් දිනන්න බැරිවුනානේ. ජනාධිපති වුනේ තරඟ කරල දිනල නෙවෙයිනෙ. රාජපස්සලාව ආරක්ෂා කරන පොරොන්දුව මත බයේ දුවපු ගෝටා පිනට දුන්න නිසානේ. එකනේ ලෝකෙ පුරා ප්‍රසිද්ද වුනේ පිං ජනාධිපති කියල. එහෙව් එකෙක් තව මොනවටද පෙරේත කමට පක්ෂයක් බදාගෙන නායක කම ආරක්ෂා කරගෙන හැමදාම වැජඹෙන්න හදන්නෙ ඒක ඒක නූල් සූත්තර දදා ? තුක් නොදකින් ගල් නාකියා .
දේශප්‍රිය [email protected] Thursday, 18 December 2025 12:19 PM
කුණු ජෙපි ඩෝබිල රනිල්ට කොච්චර බයද කියලා කොමෙන්ට් වලින් පේනවා. මහා කාලකන්නි අසරණ ජීවිත. හැබැයි කොහොම වැලලුනත් මාලිමාවයි අනුරයි දැනටමත් ෆේල්.
ගල්පර Thursday, 18 December 2025 12:36 PM
මෙයට රාජ්‍ය මුදල් විසුද්ධිකරණය සම්බන්ධයෙන් ඇතුලට යන්න වෙනවා.ඒ බව දැනිලා තමයි දැන් සජිත්ට ඇමක් දීලා ගේමක් ගහන්න හදන්නේ. සජියෝ මේ උගුලට අහුවෙන්න එපා... ඔයාටත් බඩුම තමයි.
de silva Thursday, 18 December 2025 01:41 PM
ලංකාවේ එහෙම කල් තිය දැනුම් දුන්න කියල නිලධාරීන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ , පාස්කු ප්‍රහරේ කාලේ තිබුනේ ඔබතුමාලගේ ආණ්ඩුවක් , ඉන්දියාවෙන් කල්තිය දැනුම් දුන්නත් නිලධාරීන් ක්‍රියාත්මක වුනේ නැහැ , එහෙම ක්‍රියාත්මක නොවුන කියල ඔවුන්ට කිසිම දඩුවමක් ලැබුනෙත් නැහැ , මේකෙදි ලැබෙන්නෙත් නැහැ . මේක තම සත්‍ය තත්වය , 28 වෙනිදා වැස්ස නිසා රජයේ නිලධාරීන්ට නිවාඩු දුන්නම වාරිමාර්ග නිලධාරියොත් ගෙදර ගිහින් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිනිස්සුත් ගෙදර ගිහින්
ගුණරත්න Thursday, 18 December 2025 01:43 PM
විශ්‍රාම ගියපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් ගැන ජවිපෙ මාලිමා ඩොබි හැත්ත මෙච්චර වැළපෙන්නේ මොකද? රනිල් ඇත්තටම අවලංගු කාසියක් නම් මේ තරම් වදවෙන්න ඕනැ නැහැ නේ? ආණ්ඩුව ඔය තරම් සාර්ථක නම් රනිල් ගැන මේ තරම් කියවන්නේ මොකද? හිත යටින් දැනෙනවා නේද කවුද නියම නායකයා කියල, කවුද වැඩ්ඩා කියලා.
අලගිThursday, 18 December 2025 06:31 PM
ඌට සුදුසු දඬුවම තවම හම්බවුනේ නැති හින්දා තමයි මේ අය කෑගහන්නේ.
නිමල් Thursday, 18 December 2025 01:45 PM
ඕක දාලා යන්නේ නෑ මැරෙනකම්. බලයට පුදුම පෙරෙතකමක් තියෙන්නේ .අපි නොදන්න රනිල් . රටට මෙලෝ වැඩක් නොකර වැඩිම කාලයක් මිනිස්සුන්ගේ මුදලින් පිනට යැපුන මිනිහෙක් .තවත් ඉන්න අදහස ...
බටන්ගල Thursday, 18 December 2025 02:04 PM
රටේ ඉහලම තැනට ගියේ ජනතා ඡන්දයෙන් නොවේ කියල මුලු ලෝකයම දන්නවා. මේ ආත්මයෙනම් ඕක වෙන එකක් නැහැ.
Willows Drive Thursday, 18 December 2025 02:07 PM
ගියත් ඇගිලි ගැසිල්ල නං අඩුවෙක්නේ නැහැ
Gayan Jayasinghe Thursday, 18 December 2025 03:11 PM
අනේ එපා... ඉන්න...
දයාන් කන්නන්ගර Thursday, 18 December 2025 04:10 PM
තෙපර බාමින් ඉන්නේ නැතිව මකබා වෙයන්.... වැලිකඩ යන්න සූදානම් වෙයන්... රාජපක්ෂ ගෙරියන්ගේ ගැලවුම්කාර ද්‍රෝහියා... අපි දන්නවා ඔය කීවාට උඹ ඔය නායක තනතුර දාලා යන්නේ නැහැ... හෙට අනිද්දා වළල්ලු දුසිමක් විතර වජිරයා සාගලයා ගෙන්නලා ඔබතුමා යන්න එපා කියලා නාට්‍ය දර්ශනයක් කරනවා. ඊට පස්සේ ජනමතයට හිස නමමි කියලා පුටුවේ ඉන්නවා.