(අංජුල මහික වීරරත්න)
නිකරුණේ දේශපාලනේ කතා කරලා, එක එක්කෙනාට බැනලා තරුණ තරුණියන් වෙනුවෙන් අනාගතයක් හදන්නට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුරාජවෙලදී අද (24) පැවැසීය.
එලෙස කරන පුද්ගලයන් දේශපාලනයේ රැඳී සිටීමෙන්ද පළක් නැතැයි අග්‍රාමාත්‍යවරයා කීය.
අභිනවයෙන් ඉදිකළ සිපෙට්කෝ ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.
හරි දේ කරන විට බැනුම් ඇසුවාට කමක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා එහෙත් හරියට වැඩේ කළයුතු බව සඳහන් කළේය. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වන බවද එය ලබා දීම රජයේ යුතුකමක් යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මුතුරාජවෙල ඇළකන්ද පාර පෙට්ට්‍රෝලියම් පර්යන්තය අසළ මෙම අභිනව යන්ත්‍රාගාරය ඉදිකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නේන්නම් අපි මේ බ්රේස්ලට් දාහෙන වොක්ස්වැගන් කරවලා නැගලා පාරේ යන්න ලැබෙනකල් බලාගෙන ඉන්නේ...
කාලෙ ඉවර වෙනකොට හොඳ සිහිය ඇවිත් වගෙයි. දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ.
කියන එක ඇත්ත.
වතුර හැලිය රත් වෙන්න පටන් අරගෙන.