රෝෂන් තුෂාර
දෙමටගොඩ පොල් තෙල් සමාගමකින් පොල්තෙල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන අද (7) වරෙන්තු නිකුත් කළේය.
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණමූර්ති කලෙයි චෙල්වම් නැමැති ව්‍යාපාරිකයකු 2022 හා 2023 යන වසරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිලි අනුව අධිකරණය හමුවේ විභාගවන නඩුවට පෙනී නොසිටීම මෙම වරෙන්තු නිකුත් කෙරුණි.
සැකකාර හිමි විසින් "බ්‍රෙකෝ ඔයිල් ඇන්ඩ් ෆෘට් ප්‍රයිවට් ලිමිටඩ්" නැමැති ආයතනයක් පවත්වාගෙන ගොස් එහි අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් පෙනී සිටිමින් අදාල ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන් කෝටි විසි දෙලක්ෂ පනස් දහස් නවසිය පනහක් වටිනා පොල්තෙල් කිලෝ 84,240 ක් ලබාගෙන ඒ වෙනුවට අගරු චෙක්පත් 8 ක් ලබාදී මෙම වංචාව සිදුකර ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ කොළඹ වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ විජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවතැන්නේ සුමන හිමිට වරෙන්තු
Lalla Thursday, 07 March 2024 09:46 PM
පසුගිය කාලයේ බෝම්බ තබාගෙන කියලා අත්අඩංගුවට ගෙන තිබුණා නොවේද? ඒ කාලේ නම් අපි දුක්වුණා... බොරු චෝදනාවලට ලක්වෙලා කියලා. දැන් නම් හිතෙනවා ඒ කතාවත් ඇත්ත කියලා...
Mr Don Thursday, 07 March 2024 11:00 PM
ව්‍යාපාර...!
Thilak Friday, 08 March 2024 06:17 AM
සිවුරට මුවාවී බුදුන්වහන්සේටත් නිගකරමින් කටයුතු කරන මුන්ට "හිමි" කියන වචනය යොදන්න එපා ! එය බුදුන්වහන්සේට කරන නිගාවක්
පිටරටවැසියා Friday, 08 March 2024 02:10 PM
අපෙ හාන්දුරුවෝ මුළු මාලිගාවත්තටම තෙල් බෙදල මයෙ හිතේ ?