(ප්‍රසාද් රුක්මල්)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල සරසවි සිසුන් 14 ගේ ශිෂ්‍ය භාවය අද (20) සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අහෝසි කල බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග පවසයි .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන 2 සහ 3 වසර පීඨ වල සිසු කංඩායම් දෙකක් අතර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර සියලුම පීඨවල සිසුන්ට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල භූමිය තහනම් කරමින් එම සියලුම සිසුන්ට 18 වන දින පස්වරුවේ සියලුම නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසට විශ්වවිද්‍යාලයීය බලධාරීන් දැනුම් දුන්හ .
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර වල සිසුන්ගේ මෙම නොසන්සුන්කාරි තත්ත්වය බරපතළ සිසු ගැටුමක් දක්වා දුර දිග යාමට ඉඩකඩ ඇති හෙයින් එම සිසුන්ට මෙසේ 18 දා සිට නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් කළහ .
මෙම සිසුන් යලි ගම්බිම් බලා යාමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට පැමිණ සිටියදී කිසියම් ගැටුමක් හටගෙන තිබූ බවත් ,ඒ සමගම බදුල්ල නගරයේ මෙන්ම ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ශාව තරකර තිබිණ .
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කර අදාළ විමර්ශන කටයුතු සිදු කරන බවත් , එම කමිටුවේ නිර්දේශය ලැබෙන තෙක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ 2 සහ 3 වසර පීඨවල ඉගෙනුම ලබන සරසවි සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය මෙසේ තාවකාලිකව අහෝසි කල බවද විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකුන්ට ඉගෙන ගන්න ඕනේ නෑ ,..උන්ට ඕනේ කලබල .. ජෙප්පෝ නෙහ්
මුන් කෙලගන්නවමයි වැඩේ.
නැවත දැනුම් දීමක් ඔනෙම නැහැ. සදහටම එලවලා දාන්ට තියෙන්නෙ.හොඳ වැදගත් පවුල්වලින් එන අනෙකුත් අහිංසක සහ සාමකාමි සිසු සිසුවියන්ට දෙයියනේ කියලා නිදහසේ ඉගෙන ගන්ට.