(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරට උසස්පෙළ පන්ති සහිත පාසල් 2952 න් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසල් 1011 ක පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) හමුවේ පැවසීය.
ඒ අනුව පාසල් 1941 ක( සියයට 65.75) විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.
මෙය බරපතළ ප්‍රශ්නයක් හෙයින් ස්ටෙම් ( STEM) අධ්‍යාපන ක්‍රමය මගින් මේ සඳහා විසඳුම් සෙවීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළෙදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.
පසුගිය 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවූ පිරිසෙන් සියයට 26 ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු අය බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය
නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බව ප්‍රකාශ කළේය.
නවීණ තොරතුරු තාක්ෂණික වැඩපිලිවෙලක් හඳුන්වා දී ප්‍රමාදයකින් තොරව විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල කෝප් කමිටුව මෙහිදී අගය කළේය.
මෙරට විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බව පැවසූ කෝප් කමිටුව විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්ව විද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරටම කලින් විභාගයට ලියපු දරුවන්ගේ උත්තර පත්තර ටික බලලා ඉන්න එපැයි...!
ඒ උනාට හාමු මහත්තයාලා යන්නේ එන්නේ අධි සුඛෝපභෝගි වාහනවල. වසර 74ක් තිස්සේ වලවු දේශපාලනය නිසා ඇතිවූ සමාජ අසාධාරණය ...
විශේෂයේම රජ්‍ය අංශයේ රැකියා ලබාදිමේ ක්‍රමවේදයට අනුව බාහිර කලා උපාධියත් අභ්‍යාන්තර (ජිව විද්‍යා සහ භෞතික විද්‍යා ක්ෂුදුජිවි විද්‍යා )සාමාණ්‍ය සහ දෙවනපෙළ උපාධිදාරින් එකම තලයේලා සැළකිම සහ ඒ කෙටස් දෙකේම බහුතරයක් උපධිධාරින්ට කිරිමට සිදුවි ඇත්තේ ලිපිකරැ නිළධාරින්ගේ ලිපිකරැ වැඩ පමණි. නමුත් ලිපිකරැ නිලධාරින්ට ක්‍රමවත් උසස් කිරිමේ පරිපාටියක් තුලින් මාණ්ඩලික තතුරැවලට යාමට අවස්ථාව ඇත. නමුත් උපාධිදරින් වෙනුවෙන් සකස් කර ඇති සංවර්ධන නිලදාරි සේවා ව්‍යවස්ථවට අනුව කිසිමදිනක මාණ්ඩලික ශ්‍රේණියට අන්තරග්‍රහණය කිරිමට නොහැකිවන පරිදි සකස් කර ඇත. මෙවැනි අසාධාරණ තත්වයට එරෙහිව වසර 24ක් සටන්කලත් කිසිදු රජයක් මේ දක්ව කිසිදු පියවරක් ගෙන නොමැත. මෙවැනි තත්වයක් යටතේ උසස්පෙල දරැවන් විද්‍යා අංශයේ අධ්‍යන කටයුතු කිරිම ඵලදායි නොවෙයි. තාක්ෂණවේදය පරිගණක තක්ෂනය වානිජ විෂයන් කිරිමට පෙලබි ඇත්තේ මේ හේතුව නිසායි.ඉදිරියෙද් පරිසරවෙදින් සාව්භාවික විද්‍යාෙවදින් මේ රටට බිහි නොවනු ඇත. රැකියා ක්ෂේත්‍රවලට ගැලපෙන පරිදි වෘත්තිය උපධීධාරින් බිහිකිරිම සහ ඒ සදහා සැළසුම් සකස්කිරිම නිලධාරින් සහ බලධාරින් අවධානය යොමුකල යුතුය