IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළට නිශ්චිත මාසයක් නම්කරයි

(අංජුල මහික වීරරත්න)

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත්  කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

මෙරට මානව සම්පත පෙලගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.

විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර  අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කළේය.



අදහස් (8)

උසස් පෙළට නිශ්චිත මාසයක් නම්කරයි

prasanna Thursday, 15 June 2023 11:21 AM

ඔය මොන දින වකවානු දැම්මත්, විභාග පැවැත්වෙන නියම දිනය තීරණය කරන්නේ ස්ටාර්ලින් ජෝෂප් ලොක්කා...

:       0       0

Rata Perata Thursday, 15 June 2023 11:46 AM

මෙයගෙ මෙ සුරංගනා කතා විශ්වාස කරන්න එපා. අපි හැමෝටම මොලයක් තියෙනව. එක පවිච්චි කරන්න. මෙ වගෙ දැක්මක් නැති මිනිහෙක් ට 2048 නෙමෙයි 3048 දි වත් කිසි දෙයක් කරන්න බැැ, රටෙ මෙච්චර වැරදි වෙනව. වැරදි කරන ඇමතිල ඉන්නව. මෙයාට කොන්දක් තියෙනවද එවට ක්‍රියාමාර්ග ගන්න? මෙය ඇති දුර්වල මනුස්සයෙක්. රාජපක්ශල අරක්ශා කරල ඉපදිල මැරිල යයි. එතකොට රට ඉවර වෙල තියෙයි.

:       0       2

Sunil Thursday, 15 June 2023 11:52 AM

කටින් පමනයි. අපෙ රටෙ මොන කටයුතුද නියමිත වෙලාවට සිදුකෙරුනෙ.

:       0       1

Channa Thursday, 15 June 2023 12:56 PM

පලාත් පාලන චන්දය තියන්න නිශ්චිත මාසයක වසර කීයකට වරක්ද කියලා තීරක් ගන්න බැරිද?

:       6       31

wedage Thursday, 15 June 2023 01:15 PM

මනව සම්පත අහාර නැතුව ඉන්නව ඒ ගැන සොයා බලන්න කෙනෙක් නෑ නෙ

:       0       4

Truth Thursday, 15 June 2023 01:22 PM

ව්‍යවස්ථානුකූලව කැඳවූ මැතිවරණය පාර්ලිමේන්තුවෙන් අහනේනෙම නැතිව කල් දාපු මිනිහා මේ පාර නම් විභාගෙටත් කෙලවන්න වගේ හදන්නේ

:       4       21

fairoos Thursday, 15 June 2023 01:26 PM

අනෙ මගෙ කට විතරයි අවුරුදු 50ක් දේශපාලනය කරනව බම්බුව තමයි

:       3       22

චන්දන Thursday, 15 June 2023 03:36 PM

මේක දැන් නම් දොඩවන්නෙ උණ විකාරෙන් ඩෙංගු හැදිලද කොහෙද. නරක ද ඉතිහාසය ටියුෂන් එකක් දැම්ම නම්.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site