(සුජිත් හේවාජුලිගේ)
අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්වයන් නොසලකා හරිමින් ඉතා අසාධාරණ ලෙස ඔවුන්ගේ අනාගත ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වන අයුරින් කාලසටහන් සකස් කිරීමේ ම්ලේච්ඡ අරමුණක නිරතව සිටින බවට චෝදනා කරන විපක්ෂනායකවරයා රට අසීරු තත්ත්වයට ඇද දැමූ පාලකයන්ට වැදගත්ම අධ්‍යයන වර්ෂයේ පාසල් යෑමට තිබූ දින ගණන සීමා කිරීමෙන් ඇති වූ පාඩුව එම දරුවන් පිට හෝ ගුරුවරුන් පිට පැටවීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයිද ප්‍රකාශ කළේය.
මේ තීරණය හේතුවෙන් දරුවන් විශාල පිරිසක් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ඔහු සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාණෝගේ කාලේ සූරියකන්දේ ළමයින් 35කුත් මැරුවේ... බයිලා කියන්න එපා...
මෙයා ඕන නැති නොදන්න දේවලට කට දාල වැඩ වැණ කරගන්නවා. විභාග නැවත තිබූ දිනයන්ටම ගේන්න. මෙවර නොවැම්බර් තිබිය යුතුමයි. එවිට ලබන අවුරුද්දේ නියමිත පරිදි අගෝස්තුවල ම තියන්න පුළුවන්.
ප්‍රසන්න කියපු දෙය ඇත්ත , වරද ඇඹිලිපිටිය ජාතික පාසලේ ළමුන්වීම සහ වැලලුවෙ සූරිය කන්දෙ වීම පමණයි. සිද්ධිය ඇත්ත. ඔය සූරියකන්දෙ මිනී හාරල තමයි පවිත්‍රල බලයට ආවෙ. දැන් පවිත්‍රලට ඒ ළමුන් වැරදියි. මිනීමරුවො නිවැරැදියි. ඒ නිසා ඒ අයට අත උස්සනව. රට ඒ තත්ත්වයට පත්කල පාලකයො සහ ක්‍රියාදාමය එහෙමමයි.