
(අංජුල මහික වීරරත්න)
අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (12) සිදුවිය.
විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
ඒ අනුව 2022 අධ්‍යයන වර්ෂය සඳහා විෂය ධාරාවන් 6ක් ඔස්සේ පෙනී සිට දිවයිනේ පළමු ස්ථාන 10ට තේරී පත්වූ සිසු දරුවන් 60 දෙනාට සහ 2021 අධ්‍යයන වර්ෂයේ විෂයධාරා 6ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 5 අතරට පත්වූ සිසුන් 30 දෙනා ද ඇතුළුව මුළු සිසු දරුවන් 90 දෙනකු ජනපති අතින් ඇගැයීමට ලක් විය.
උසස් පෙළ විෂය ධාරා හයම ආවරණය වන පරිදි දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 50,000ක් බැගින් මුදල් ත්‍යාග පිරිණැමුණු අතර, අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග මෙහිදී පිරිනැමිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍යත්වය අසමත් දරුවො උසස් පෙළ ඉහලින්ම සමත්වෙනවා ලක්ෂ තුනකින් විශ්ව විද්‍යාල වලට යන්නෙ ඉතාමත් සුලු පිරිසක් තමයි ඒත් ඔය දරුවන්ගේ දක්ෂතා අගයන ගමන්ම උසස් පෙළ අසමත් අය අතර ඔය අයටත් වඩා දක්ෂයෝ ඉන්න පුළුවන් කියලා හිතෙනවා එනිසා ඔවුන්ටත් තමන්ගෙ දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගැනීමට ක්‍රමයක් හැදුවොත් හොදයි
එක් මැරතන් තරගයකදී ලංකාවෙ කෙනෙක් ජයග්‍රහණය කලේ නැහැ නමුත් ඔය අන්තිමයා ලෙසින් හෝ තරගය අවසන් කලාලු ඉතින් ලෝකයේ දියුණුම රටක් වන ජපානය එතනදී ලොකු ආදර්ශයක් දුන්නා කියලා අහල තියෙනවා නමුත් ඔහුට ලංකාවෙ තැනක් තිබුනෙ නැහැ කියලා අහන්න ලැබුනා
අනුන්ගේ ප්‍රතිඵල තමන් ගේ කියල පෙන්නන දකුණේ අග නගරයේ විදුහල්පති කෙනෙකු ත් එතන ඉන්නව .
මේ ලමඉන්ගෙන් වැඩි දෙනෙක් ඉගෙන ගෙන ඉවර වෙලා රට යයි...