IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක්

(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (18) පැවසීය.

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200 ක පැවැත්වෙන බවත් ජයසුන්දර මහතා කීය.

මෙවර විභාගය සඳහා පාසල් අපේක්‍ෂකයන් 278,196 ක් සහ පෞද්ගලික අපේක්‍ෂකයන් 53,513 ක් සමඟ සම්පූර්ණ අපේක්‍ෂකයන් 331,709 ක් සහභාගි වීමට නියමිත බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317 ක් මගින් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23 වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් පැවැත්වේ.

 



අදහස් (0)

උසස් පෙළ විභාගයට විශේෂ මධ්‍යස්ථාන 4 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 161 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site