(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය කල්නොදැමීමෙන් අගතියට පත්වන දරුවන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් සහ අභියාචනාධිකරණයේ රිට් පෙත්සම් ගොනුකිරීමට කටයුතු කරගෙන යන බවත් ඒ සඳහා දිස්ත්‍රික්ක 22 න් දරුවන් 18,000 ක් එකතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා උදය ගම්මන්පිල මහතා අද (4) පැවසීය.
විභාගය කල් දමාගැනීමේ සටන තමන් භාරගන්නා නිසා දරුවන්ගේ ඔළුවේ තිබෙන බර සිය ඔළුවට මාරු කර දරුවන් විභාගයට සූදානම් වීමට කාලය වැය කළ යුතු බව කී ගම්මන්පිල මහතා මන්ත්‍රීවරයා තමන් ඇතුළු පිරිස දරණ වෙහෙසට සහය දැක්විය හැක්කේ අධ්‍යාපනයට අවධානය යොමු කිරීමෙන් යයි දරුවන්ට අවධාරණය කරන බව ද සඳහන් කළේය.
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ඉතිහාසයේ දැවැන්තම අභියෝගයන්ට මුහුණදුන් දරුවන් බවත් ඔවුන් කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් සහ ටියුෂන් පන්ති වැසුණු, කල් ඇඳුනු ගුරු වර්ජනයක්, තෙල් හිඟයෙන් ගමනාගමනය බිඳ වැටීමෙන්, විදුලිය කැපීමෙන් සහ ආර්ථික අර්බුදයෙන් පවුලේ ප්‍රශ්නවලට මුහුණදී දැඩි අපහසුතාවට පත්වූ පිරිසක් බවත් ගම්මන්පිල මහතා වැඩි දුරටත් කීය.
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කල් දදා ඉන්න ගියාම ඊට පිටිපස්සෙන් එන දරුවන්ට මොකද වෙන්නේ? කරුණාකරලා තමුන්ගේ දේශපාලනය තමුන් කරන්න. ළමුන්ට තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න දෙන්න. බලාගෙන ගියාම මෙයා ජෝසෆ් ස්ටාලින්ටත් හපන් පීඩකයෙක්නේ දරුවන්ට.
ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන්න ඉන්න අය පිදුරු ගස්වලත් එල්ලෙන්න බලනවා...
එහෙම හරි ඡන්ද ටිකක් ලැබෙයිද බලමු..?
ඕක කල් දානවට අපි කැමැති නැහැ. මේ විභාගය දෙසැම්බර් වල තිබිය යුතුයි. කල් දම දමා ළමයින්ගේ අනාගතය තවතවත් අඳුරට ඇද දමන්න එපා... ඔයාලා කරපුවා හොඳටම ඇති...
එතකොට විභාගය කල් දැමීම නිසා අගතියට පත්වන පළමුවරට විභාගයට පෙනීසිටින, බහුතර ළමයින්ගෙ ආතතියට කවුද වගකියන්නේ...!
නිදහස් අධ්‍යාපන අයිතින් පිළිබඳ පමාවී හෝ දේශපාලන අධිකාරියට කරුණු වැටහීම සතුටට කරුණක්... අති සුළුතරයක් කුමන වසංගත බාධක තිබුණත් තම ඉලක්කය කරා ගමන් කරනවා ඇති. ඔවුන්ට විභාගය අගෝස්තු පැවැත්වූවත් මුහුණදීමේ හැකියාවක් ඇති. නමුත් බහුතරයක් දරුවන් මෙම වසංගත බාධක හමුවේ තම අධ්‍යාපනය නිසිලෙස පවත්වාගෙන නොගිය බව සත්‍යයක්. එහෙත් අධ්‍යාපන බලධාරීන් මෙම සත්‍ය තත්වය වටහා ගන්නේ අවසාන කඩයිම් විභාග ප්‍රතිඵල අනුවයි. එහිදී දකින අසාමාන්‍ය අඩු ලකුණු තත්වයන් ගණිත හා සංඛ්‍යාන ක්‍රම භාවිතයෙන් වෙනස් කර සත්‍ය එළිකිරීමෙන් වැළකී සිටිනවා. මේවා මතුදිනක ආර්ථික අර්බුදයට වඩා දරුණු උවදුරක් ලෙස රට දැනුමෙන් අඩු පරපුරක් ඇතිවීම නිසා ප්‍රපාතයට වැටෙනු ඇති...
හුලං බබා එල්ලෙන්න වැඩක් නැතුව වේලෙනවා වගේ..!
බොහෝම ආදරෙයි වගේ ජනතාවට... අනේ මේ අයගේ කිඹුල් කඳුළු...!
උසස් පෙළ විභාගය ප්‍රමාද කිරීම රටේ අනෙකුත් සියලුම පාසල් විභාගවලට බලපානු ඇත. දෙවනවර හෝ තුන්වනවර විභාගයට පෙනීසිටින සිසුන්ගෙන් බොහෝදෙනෙක් ප්‍රමාද කිරීමට ඉල්ලා සිටිති. පළමුවර විභාගයට පෙනීසිටින සිසුන් ප්‍රමාද කිරීමට ඉල්ලා නොසිටිති. 2020 වසරේ 5 ශ්‍රේණියේ සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගයේදී පාසල් වසා තිබුණත් බොහෝසිසුන් හොඳ ලකුණු ලබා ගන්නා අයුරු අපි දැක ඇත්තෙමු. එබැවින් ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අනතුරට පත් නොකරන්න.
ළමයි වයසට යන නිසා මේ විභාගෙ පුළුවන් තරම් කළින් ඉවර කරනවා වෙනුවට මේ ගොම්මන්පිල....!
එතකොට පළමුවරට පෙනී සිටින ළමයින් රටේ දරුවන් නෙවෙයිද? බූරුවැඩ කරකර බූරු කතා කිය කියා නිකම් කාලෙ මරණ මේ වගේ අයගෙන් රටට නම් වැඩක් වෙන පාටක් නෑ. දරුවන් ගෙවල්වලම වයසට යනවා. මේ මිනිස්සු ඒකෙන් දේශපාලනය කරන්න දඟළනවා...
නිවැරැදියි...!
මෙම අර්බුදයට හේතුව නිසිකලට විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නිසි වැඩ පිළිවෙලක් නොමැති වීමයි.. වගකිව යුතු හැමෝම තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කාලය ගතකරන නමුත් දරුවන් වෙනුවෙන් වගකීම් ඉටුකිරීම පැහැර හැර ඇත. විශ්ව විද්‍යාලවල පවා උපාධි සහතික නිකුත් කිරීමට, අනිසි ලෙස කාලය ගතකරන බව පෙනේ. ඉදිරියට මෙම තත්ත්වය වැළැක්වීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වගකිව යුතු මැති ඇමැතිවරුන් මෙන්ම උසස් අධ්‍යාපන නිලධාරීන්ගේද වගකීමක් වන අතර එසේ නොමැතිනම් දරුවන් අදටත් වඩා ඔවුන්ට වෛර කරනු ඇත.
කරුණාකර කල්දාන්න එපා.
ඉස්සෙල්ලාම ඡන්දයක් තියන්න. මේ කාලකණ්ණි තොලොංචි වෙලා ගියොත් ඔක්කොම හරියයි.
කල් දැමිය යුතුමයි අනිවාර්යයෙන්ම