IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයා රිමාන්ඩ්

(වසන්ත චන්ද්‍රපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 කෘෂි විද්‍යාව- 2 ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැරයේ යැයි කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික  පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කළාය.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි.

විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දැන්වීය.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය මහතා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළ බව ද අධිකරණයට දැන් වීය.

ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකක 3 අංශයේ නිලාධාරීන් කණ්ඩායමක් විසිනි.

 



අදහස් (7)

උසස් පෙළ ප්‍රශ්න පත්‍රය පිට කළ ගුරුවරයා රිමාන්ඩ්

මුල් ගුරු Sunday, 14 January 2024 07:21 PM

ප්‍රවේශමෙන් මයිටලා මොනවා කරයිද බලන්න. රජයේ සේවය අපකීර්තියට පත්කිරීම මොහු කරල තියෙන්නෙ. එයට අමතරව සමස්ත රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම කරල තියෙන්නෙ .කෙනෙක් ලබන පත්වීම් ලිපියේ කොන්දේසි කැඩීම මොහු කල නිසා තවදුරටත් මොහු සේවයේ තියාගන්න සුදුසු නැහැ

:       0       2

චන්දන Sunday, 14 January 2024 07:24 PM

එයාට කලින් අත් අඩංගුවට ගත යුතු අය ඉන්නව . එයාට ප්‍රශ්න ලැබුණේ කාගෙන් ද. විභාග දෙපාර්තමේන්තුවේ අයගෙන් ද...විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගෙන්ද...නැත්නම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන්ද...

:       0       4

Prabha Sunday, 14 January 2024 08:15 PM

නම, ගම, වයසත් දාන්න...

:       0       9

shanikaMonday, 15 January 2024 02:04 AM

නිව්ස් එක හරියට කියෙව්වද ?

:       0       1

Shantha - Qatar Monday, 15 January 2024 10:29 AM

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තෙකි. ( ප්‍රබා සිංහල කියවන්න දන්නවා නේද ?)

:       0       3

Rohana Sunday, 14 January 2024 09:34 PM

රට හැමතැනම හොරකම දූෂනය වංචාව මදිවට විභාග ප්‍රශ්ණපත්‍රත් කලින් හොරට පිටකරගෙන ප්‍රසිද්ධ කරනවා.රට යන අත භයානකයි.

:       0       1

ajith Sunday, 14 January 2024 10:00 PM

මේ ගොන් මනුස්සය කරපු දෙයින් දැන් ඉතින් උසස් පෙළ සිසුන් දහස් ගණනක් ආයෙමත් විභාගයක් ලියනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site