IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක්

(සුජිත් හේවාජුලිගේ )

‍උසස් පෙළ උපකාරක පන්ති  ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

උසස් පෙළ පන්තිවල අයකරන අධික ගාස්තු, එම පන්තිවල ප්‍රකාශයට පත් කෙරෙන  කරුණු ආදිය  පදනම් කර ගනිමින් මෙම නියාමනය කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යයන් එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව රාඝවන් මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක්

sradiyel Saturday, 17 June 2023 02:28 PM

දැන් ටියුෂන් යනු මහා පරිමාණ ව්‍යාපාරයක් වෙලා. ටියුෂන් ගුරුවරු තමන් ගුරුවරුය යන මානසිකත්වයෙන් මිදිලා නළුවන් බවට පත්වෙලා. දැවැන්ත ප්‍රචාරණය, මැතිඇමැතිවරු වගේ පරිවාර රථ වැනි විකාරරූපී වැඩනිසා ඔවුන්ගේ වියදම් ඔවුන් විසින්ම විශාල ලෙස ඉහළ නංවාගෙන තිබීම නිසා සිසු සිසුවියන්ගෙන් අයකරන ගාස්තුවත් නොවටිනා ගණනක් දක්වා ඉහළ දමාගෙන තිබෙනවා. එක පංතියේ සිසුන් 1000ක් හිටියාට ඇත්තටම සරසවි වරම් ලබන්නේ කී දෙනාද? සරසවි යෑමේ බලාපොරොත්තුවක් ඇති එකයි, නැති එකයි ඔක්කොම රැල්ලට ඔහේ ටියුෂන් යනවා. ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවද කියා හිතන්නේ නැහැ. ටියුෂන් මුළුමනින්ම නැවත්තුවොත් ළමයි වී. විද්‍යාල වලට යන්නේ නැතිද? ඒත් ඔය දැනට වී විද්‍යාලවලට ඇතුළත් වීමට තරම් ඉහළ ලකුණු ගන්නා පිරිසම සමහරවිට ඊට වඩා අඩු ලකුණු ලබාගෙන වී විද්‍යාල වලට ඇතුළත්වීමේ සුදුසුකම් ලබනවා. ඒක තමයි ඇත්ත... ටියුෂන් ගුරුවරු කියන්නේ එස්කිමෝ වරුන්ටත් අයිස් විකුණන්න පුළුවන් මට්ටමේ පිරිසක්... මේ උගුලේ අපරාදේ අහිංසක ළමයි වගේම දෙමාපියනුත් අහුවෙනවා. ටියුෂන් ගුරුවරුන්ට උඩගෙඩි දෙන සමහර වී වී ආචාර්‍යවරුත් ඉන්නවා. විශේෂයෙන්ම උසස්පෙළ ප්‍රශ්නපත්‍ර සකස්කරන සමහරු...

:       1       18

චන්දන Saturday, 17 June 2023 02:49 PM

ඒ කියන්නේ ටියුෂන් ඉබේම නීතිගත වෙන්නයි හදන්නේ...!

:       1       6

Susiripala Saturday, 17 June 2023 03:27 PM

ටියුෂන් වලින් ඇත්තටම වෙන්නේ ලකුණු 65 අරගෙන කැම්පස් යන එකාම ලකුණු 70 ක් අරගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත්වෙන එකයි. මැද පන්තියේ පවුල්වලට අමතර දැරිය නොහැකි වියදමක් එක්වීමත් විතරයි. අන්න ටියුෂන් නිසා විශ්ව විද්‍යාලවලට ඇතුළත්වන සිසුන් ගණන 40,000 සිට 50,000 දක්වා වැඩි වුණානම් ටියුෂන් අවශ්‍යයි කියන්න පුළුවන්. මේකෙන් වෙන්නෙත් විශාල පිරිසක් අත ඇති මුදල් තනි පුද්ගලයෙක් අතට පත්වීම... නැත්නම් ඇති නැති පරතරය වැඩිවීම විතරයි...

:       0       11

aravinda Saturday, 17 June 2023 03:43 PM

මේ දවස්වල ටියුෂන් ගුරුවරු තමුන් ප්‍රසූත කල දිවයිනේ ප්‍රථමයින් ගණන ගැන දීර්ඝ දේශනා පවත්වනවා.

:       0       10

Asiri Rosairo Saturday, 17 June 2023 05:13 PM

ටියුෂන් වලට අත තැබීමට ගොස් අකිලත් ඇනගත්තා. ටියුෂන් වලට ගරහන්න කලින් ටියුෂන්වල වරදක් කොහේද? දරුවන් ඉගැන්වීම වෙනුවෙන් මුදල් අයකරගනී. ඒක වරදක් නම්. පාසල්වල ගුරුවරුන් වැටුප් ගැනීමත් වැරැදියි. උපකාර පංති ගුරුවරුන් ගාස්තු වැඩිකිරීම වැරැදි නම් පාසල් ගුරුවරුන් වැටුප් වැඩිකිරීමද වැරැදියි. ටියුෂන් ගැන තියෙන්නේ පුහු වෛරස් පමණයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site