IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් පිටවෙලා

(යොහාන් භාසුර)

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ද පිටවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයකින් අනාවරණය වී ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

කෘෂි විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 න් 16 ක් ඡායාරූප ගෙන බෙදාහැර ඇති බව ද එහිදී වැඩි දුරටත් අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය. 



අදහස් (5)

උසස් පෙළ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයත් පිටවෙලා

Amal Monday, 15 January 2024 12:10 PM

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුණාට පස්සේ කියයිද දන්නෑ, ඔක්කොම විෂයන් වල ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බව. හරිනම් විභාග කොමසාරිස් වගකීම භාරගෙන ඉල්ලා අස් විය යුතුයි...කොහොම වුනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ .....

:       5       15

විමල් Monday, 15 January 2024 01:38 PM

මොකටද අමල් විභාග කොමසාරිස් ඉල්ලා අස්වෙන්නෙ.මේක කරල තියෙන්නෙ විභාග රාජකාරි කරන්න ගියපු ගුරුවරයෙක් තමයි ඉතින් තමන්ගෙ තනතුර හා රාජ්‍ය සේවයේ අපකීර්තිය ඇතිකලේ එම ගුරුහොරා මිස විභාග කොමසාරිස් නොවෙයි ඒත් විභාග රාජකාරි සදහා ගුරුවරු තෝරා ගැනීමේදී ගුරුවරුන්ගේ විනය ගැන විමසා නොබැලීම වරදක් කියන්න පුළුවන්

:       0       18

සමන් Monday, 15 January 2024 01:55 PM

වෙන රටක නම් ඇමැති තුමා නම්බු පිටින් ගෙදර යනව. මෙහෙ නාකින්ට මොන නම්බුද.

:       7       4

Amal Monday, 15 January 2024 03:52 PM

විමල්, විභාග රාජකාරි කටයුතුවල සියළුම වගකීම විභාග කොමසාරිස් දැරිය යුතුයි. ඊට අමතරව, අමත්‍යංශ ලේකම්ට සහ ඇමැතිටත් වගකීමක් නැතිවම නෙමෙයි. කොහොම වුනත් ලෝකෙ දියුණු යැයි සැලකෙන රටවල් වල, යම්කිසි වැරද්දක වගකීම භාරගෙන ඉල්ලා අස්වීම සම්ප්‍රදායක්. නොයෙකුත් රටවල්වල නායකයින්, බහුජාතික සමාගම්වල ලොක්කන් මෙම ක්‍රමය අනුගමනය කරමින් ඉල්ලා අස්වීම සම්ප්‍රදායක්. අනුගමනය කරන ලද එම සම්ප්‍රදාය සහ උගත් පාඩම් හරහා ඊළඟ නායකයා එවැනි වරදක් නැවත නොවෙන්නට වග බලා ගැනීමත් වගකීමක්.නැතිව ඒක නිකංම නිකං ඉල්ලා අස්වීමක් නොවෙයි.

:       0       5

Jeganathan Dalayan Tuesday, 16 January 2024 08:02 AM

ප්‍රසිද්ධ ගුරුවරුන් ළඟ අමතර පංති යන සිසුන් පමණක් විභාග සමත්වීමට මෙයත් එක් උදාහරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site