(යොහාන් භාසුර)
අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය.
කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණ වීම මෙම අවලංගු කිරීමට හේතුව බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයේදී එය සාමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බව තහවුරු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල් කීය.
කිසිඳු අපේක්‍ෂකයෙක්ට අසාධාරණයක් නොවීම සඳහා එම විභාග ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටිය යුතු යැයි තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එම ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටින දිනය පසුව දැනුම් දෙන බව ද කියන විභාග කොමසාරිස්වරයා දැන් පැවැ්තවෙන උසස් පෙළ විභාගය අවසන් වූ වාහාම එම ප්‍රශ්න පත්‍රය නැවත පවත්වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නපත්‍ර පිට නොවී ආරක්ෂා කරගැනීම ඉතාම භාරදූර කටයුත්තකි. නමුත් මෙලෙස ප්‍රශ්න පත්‍රයක් නැවත ලියන්නට ගියාම සිදුවන අපහසුව දන්නේ එය ලියන දරුවන්ය...!
මෙම වරද කළ පුද්ගලයා සොයා ප්‍රශ්නපත්‍ර මුද්‍රණ ගාස්තු ප්‍රවාහන වියදම් නිරීක්ෂක ගාස්තු ඇතුලු සියලු වියදම් තක්සේරු කර ඔවුන්ගේ දේපල වෙන්දේසිකර හෝ අයකරගත යුතුයි...!