
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අංක එකේ නිල ඇඳුමින් සැරසී මහාධිකරණයට යන අතරවාරයේදී සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු යක්කල පොලිස් පොලිස් ස්ථානය වෙත රැගෙන විත් නිල ඇඳුම පොලිස් භාරයට ගෙන ප්‍රකාශ ලබාගෙන මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙලෙස මුදා හැර ඇත්තේ දොම්පෙ පොලීසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
සැරයන්වරයා මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබූ ලේඛන දොම්පෙ පොලිසියේ වෙනත් නිලධාරීවරයෙකු යක්කල පොලිසියට ගෙන්වා යොමු කිරීමට කටයුතු කර ඇත.
යක්කල පොලිස් වසමේ නුවර පාරේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය ලබා ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසී පුද්ගලයකු පැමිණ සිටින බවට යක්කල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා එහි රැඳී සිටි සැරයන්වරයා යක්කල පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය ඉටු කරමු
මේකේ ඇති වැරැද්ද මොකද්ද? ඔහු ගොස් ඇත්තේ සේවා කාලයේදීද?
ඉතින් ඒක නීතියට සදාචාරයට අනුකූල නැද්ද? මේක මාර වැඩක්. සදාචාරයයි නීතියයි සංස්කෘතියයි ඔක්කොම පටලවාගෙන වැඩ කරනව. සදාචාරය කියන්නේ මොකක්ද කියල දන්නෙත් නෑ. නීතිය මොකක්ද කියල දන්නෙත් නෑ. ඒ හින්ද ටීවී එකේ පත්තර වල යන සංස්කෘතියට එකඟ අදාල නැති වැඩ පොලිසිය කරනව. සංස්කෘතියට එකඟ හින්ද පාරේ ඕන ඕන විදියට වාහන යන එක අවුලක් නෑ. හැබැයි ස්පා ගිහින් වැඩට යන එක සංස්කෘතියට එකඟ නැති වැඩේ අවුල්.
ඉතින් ඇතුලෙදි හිටියෙ නිල ඇඳුමෙන් නෙමෙයිනෙ?
මේ රටේ තියෙන්නේ අරුම පුදුම නීති - ස්පා එකකට යන එකත් මහා-අපරාධයක්, නිල ඇඳුම ඇඳගෙන වෛද්‍ය ප්‍රතිකාර හෝ සාමාන්‍ය ශාරිරික අවශ්‍යතාවයක් ඉටු කරගැනීම අපරාධයක්ද? පොලිසිය හිතන්නේ මේවා "යුක්තිය" ඉටු කිරීම කියලාද? - අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කීවා වගේ..!
ඒ නිලධාරියා නිල ඇඳුමින් යන්න ඇත්තේ පෝලිමේ නොසිට විශේෂ වරප්‍රසාද යටතේ සේවය ලබාගන්න වෙන්න ඇති...
යුනිෆෝම් ඇදන් යන්නත් බැරිද? ස්පා යන එක වැරැදිනම් ඒක නීතියෙන් තහනම් කරන්න. මේ වගේ ගොන්පාට් නොකර. මේ වගේ දේවල් සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන දැනුවත් විය යුතුයි...!
නිල ඇඳුමක් නැතුව ලොරි රියැදුරකුට වෙඩි තබා මරා දැමූ පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නාද?
නෝනා සුපර්මාකට් එකට බස්සලා බඩු ගන්න අල්ල පනල්ලේ ස්පාවලට රිංගලා සැපක් ගන්න මහත්තුරු හරියට ඉන්නවා...
කවුද වැරැදි ස්පා එකද පොලිස් නිලධාරියද? එහෙනම් ස්පාවලට අනුමැතිය දෙන්නේ මොකටද? මෙතැන සැවොම නිවැරැදි කරුවන්ය...
එයා පිනට රිංගන්න ඇත්තේ නිල ඇඳුමින්... හොද වැඩේ...
මෙතන තර්කෙ බලන්න. මේ ස්පා එකේ වසමේ පොලිසිය දන්නවා ඒ ස්පා එකේ නිතියානුකුල දේවල් වෙන්නේ නෑ කියල. අනිවාර්යයෙන් පොලිසියත් එක්ක එකතුවෙලා කරන්නේ. ස්පා හිමියා කලබල වෙන්න ඇති පොලිස් ඇදුමෙන් ආපු එක ගැන. ඒ නිසා තමන්ගේ වසමේ පොලිසියට කියල. ඒ පොලිසියත් තමන්ගේ ජාවාරම් වලට පිට පොලිසි ඇවිල්ල බලපෑම් කරනවට කැමති නැති නිසා එයාව අල්ලලා. ඒ ස්පා එකේ වෙන්නේ නිතියානුකුල දේවල් කියල වසමේ පොලිසිය දන්නවනම් පොලිස් නිල ඇදුමෙන් නෙවේ සිවුරක් දාගෙන ආවත් කලබල වෙන්න අවශ්‍යතාවක් නෑ නේ.