(ඉන්දිකා රාමනායක)
ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයට දමා තිබු ජීව අත්බෝම්බ 4ක් අද (23) දහවල් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රිය කළ බව පොලිසිය කියයි.
මෙම ජලාශයේ ජීව අත්බෝම්බ ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය ලබා දුන් තොරතුරකට අනුව ගිරාදුරුකෝට්ටේ පොලිසිය ඊයේ (22) සිදු කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ 4 සහ ටී 56 පතරොම් 5 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
මේ දිනවල පවතින වියලි කාලගුණ හේතුවෙන් ජලාශයේ කොටස් සිදී ගොස් ඇති බවත්, එම දිය සිදී ගොස් තිබු ස්ථානයේ මේවා මතුව තිබී සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ජීව අත්බෝම් ක්‍රියාකාරී තත්ත්වයේ තිබු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අරගලංවිල විශේෂ කාර්ය බලකාය දැනුවත් කිරීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ජලාශයේ කොටසක දී මේවා නිෂ්ක්‍රීය කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd