IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


උල්හිටිය ජාලශයෙන් අත්බෝම්බ 4ක් සොයා ගැනේ

(ඉන්දිකා  රාමනායක)

ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයට දමා තිබු  ජීව අත්බෝම්බ 4ක්  අද  (23) දහවල් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රිය කළ බව  පොලිසිය කියයි.

මෙම  ජලාශයේ  ජීව අත්බෝම්බ ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය ලබා දුන් තොරතුරකට අනුව ගිරාදුරුකෝට්ටේ පොලිසිය ඊයේ  (22)   සිදු  කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ 4 සහ   ටී 56 පතරොම් 5 ක් සොයාගත් බව පොලිසිය පවසයි.

මේ දිනවල පවතින  වියලි කාලගුණ හේතුවෙන් ජලාශයේ කොටස් සිදී ගොස් ඇති බවත්, එම දිය සිදී  ගොස්  තිබු ස්ථානයේ මේවා මතුව තිබී සොයාගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ජීව අත්බෝම් ක්‍රියාකාරී තත්ත්වයේ තිබු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අරගලංවිල විශේෂ කාර්ය බලකාය දැනුවත් කිරීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක්  පැමිණ ජලාශයේ කොටසක දී මේවා නිෂ්ක්‍රීය කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



අදහස් (0)

උල්හිටිය ජාලශයෙන් අත්බෝම්බ 4ක් සොයා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 571 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site