(රෝෂන් තුෂාර)
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි , හිටපු නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26)නියෝග කළේය.
නරාහේන්පිට දාබරේ මාවතේ අනවසර පැල්පත් නිවාස හතකට නිකුත් කළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ දී ඊට විරෝධය පළකර බාධා කළේ යැයි චෝදනා ලබා නීතිඥවරුන් මාර්ගයෙන් පසුගිය 22 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිටි මෙන්පසු බන්ධනාගාර ගත වූ උලපනේ සුමංගල හිමි,කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ ,ඔහුගේ බිරිඳ වන හිටපු නාගරික මන්ත්‍රීනි දේවිකා මාතරආරච්චි ,සමීර චතුරංග හා පුබුදු ලක්මාල් මෙසේ ඇප මත නිදහස් කෙරිණි.
පළවෙනි සැකකාර සමීර චතුරංගට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ස්වාමීන් වහන්සේ ඇතුළු සිසු සැකකරුවන්ට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙළේය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කළර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප