IMG-LOGO

උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ 5 වැනි උත්තරීතර මහා නායක පදවිය  බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති  අමරපුර රාස්සගල විහාර පාර්ශවයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියන්ට  පිරිනැමීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම 10 දා සවස 3.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

අමරපුර මහා නිකායේ පාලක සංඝ සභාව විසින් ඉකුත් නොවැම්බර් මස 26 වැනි දින ගෝතම තපෝවන සංඝ මූලස්ථානයේදී  කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ තෝරාපත් කර ගනු ලැබූහ.

ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (5) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැතිණ.

එහිදී එම නිකායේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී නාහිමියෝ පැවසුවේ අමරපුර මහා නිකාය බිහිකිරීම ලාංකික භික්‍ෂු ශාසනයේ හැරවුම් ලක්ෂයක් බවය.

ඉතිහාසය ලියවී ඇති පරිදි  වැලිතර මහා කරාවේ  ශ්‍රී ඥානවිමල තිස්ස මහා නාමියන් විසින් අමරපුර මහා නිකාය එදා බිහි නොකරන්නට මුළු මහත් දකුණු පළාතම අන්‍යාගමිකරණයට ලක්වීමට ඉඩ තිබූ බවත් බුදු දහම ලංකාවේ සුරක්ෂිත කර ගැනීම සඳහා විශාල ජනතාවකගේ අවශ්‍යතාවය මත අමරපුර මහා නිකාය බිහි වූ බවත් සිරි සීවලී නාහිමියෝ පැවසූහ.

වසර 255 ක ඉතිහාසය තුළ අමරපුර මහා නිකායේ ප්‍රධාන මහා නායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය  පිරිනමා ඇත්තේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වන අතර 1825 වසරේදී  ලංකාවේ ආණ්ඩුකාර පදවිය හෙබවූ එඩ්වඩ් බ්‍රාන්ස් මහතා ප්‍රථම වතාවට අමරපුර මහා නිකායේ මහා නායක පදවිය සඳහා සන්නස්පත්‍රය පිරිනමා ඇති බවද මහා ලේඛකාධිකාරි  හිමියෝ පැවසූහ.

1952 වර්ෂයේදී අමතර මහා නිකායේ පරිපාලනය හා ඒ ඒ ප්‍රදේශවල උපසම්පදා කටයුතු සිදු කිරීමෙන්  අමරපුර මහා නිකාය පාර්ශව 22 කට පරිපාලනය වී තිබීමෙන් අනතුරුව පසුකාලීනව එම පාර්ශ්ව මහා නායක හිමිවරුන් විසිදෙනමකගේ ප්‍රධානත්වයෙන් 1952 වසරේදී අමරපුර මහා සංඝ සභාව පිහිට වීය.

ඊට අවුරුදු 10 ට පසුව වර්තමානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව පිහිටුවාගෙන  එක් මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදු කරන බවද  සිරි සීවලී නාහිමියෝ පැවසූහ.

අමරපුර මහා නිකායේ දෙවන මහා සංඝනායක තනතුර දවුල්දෙන ඥානීස්සර මහා නායකහිමියෝත්, තෙවන මහා සංඝනායක පදවිය කොටු ගොඩ ධම්මාවාස මහා නායකහිමියෝත්,  සිව්වන මහා නායක පදවිය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක හිමියෝත් දැරූහ.

පස් වැනි මහා සංඝනායක පදවිය ලබා සිටින කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ  1948 ඔක්තෝබර් මස 1 දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූහ.

මෛත්‍රී මූර්ති මහා නායක හිමියෝ බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකි.

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (0)

උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීම 10 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2053 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 723 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site