
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම උමාරා සිංහවංශ ගායන ශිල්පිනියට දැනුම්දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන් කළමනාකරුවකුගෙන් අද (2) ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදැයි අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මීට අමතරව මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගීත අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ද එම විමර්ශන කණ්ඩායම විසින්
අමාත්‍යාංශයට හෙට (3) කැඳවනු ලැබ සිටී. ජාතික ගීය ගායනා කළ ආකාරය සහ එහි තාලය
නිවැරදි දැයි තොරතුරු දැනගැනීම සඳහා ඔහු මෙසේ කැඳවන බවද එම නිලධාරියා කීවේය.
ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වනු ලබන්නේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( විමර්ශන)ධම්මික මුතුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.
ගායන ශිල්පිනිය උමාරා සිංහවංශ මහත්මිය ජතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදීය.
ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී එන් රංජිත් අශෝක මහතාට පසුගිය 31 වැනිදා උපදෙස් දුන්නේය. මේ පරීක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අනුවය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද වෙනම විමර්ශනයක් පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ආයතනයේ කට්ටිය ඕවට එන්න කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වගේ කට්ටියට එන්න කියන්නේ ටුවර් යන්න.
නොදැනුවත් කම
අමාත්‍යාංශ ලේකම් පදවිය පිරිනමන්නද? ජාතික ගීයේ වදන්වත් නොදන්න මේ අයට ගැලපෙන පට්ටමක්... ජාතියට හෙණ ගහලා ගියත් මොකද?
මෝඩ අභිමානය නම් කෙලින්ම රිමාන්ඩ්...
මැය විසින් සිදු කර ඇත්තේ ඉතා පැහැදිලිවම ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. ඊට දඬුවම් හිමිවිය යුතුයි. මෙවැනි විකෘති කිරීම් හරහා මේ වාගේ අය අපේක්ෂා කරන්නේ බාල ජනප්‍රියත්වයයි. එසේම ජාතිකත්වයට පහර ගැසීමත් දැන් විලාසිතාවක් වෙලානේ. කොහොමත් අරගල නෝනලාට මොන ජාතියක්ද? ජන්මයක්ද?
ඇයි උමාරා විතරක් ?
එයා ලංකාවේ ගොඩයෝ ඉස්සරහ සුද්දියෙක් වෙන්න ගියා...!
උමාරා වැරැදියට උච්චාරණය කළේ නොදැනුවත්වයි. ආසියාවේ පොප් කලාකරුවන් කී දෙනෙක් කවර් කරන විට ඉංග්‍රීසි ගීත වැරැදි ලෙස උච්චාරණය කරනවාද? මැලේ සම්භවයක් ඇති ගැහැණු ළමයෙකු විසින් වචනයක් වැරැදි ලෙස උච්චාරණය කර ගායනා කරන ලද ගීතයක අනුවර්තනයක් විමර්ශනය කිරීම විහිළුවකි. දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙකු එය ඊටත් වඩා වෙනස් වනු ඇත. මතකද ජුලියන් බෝලිං ජාත්‍යන්තර උත්සවයකදී ජාතික ගීය ගායනා කළේ එතරම් ශ්‍රී ලාංකික උච්චාරණයකින් නොවේ. ජාතික ගීය සැමට වැදගත් වන්නේ එය ජාතියක් ලෙස ඔවුන්ගේ හවුල් ඉතිහාසය සහ වටිනාකම් පුරවැසියන්ට මතක් කර දෙමින් සමගිය, අනන්‍යතාවය සහ අභිමානයේ සංකේතයක් ලෙස ක්‍රියා කරන බැවිනි. ඔබ ජාතික චතුර ලෙස කතා නොකළත් එය ගායනා කිරීමට කිසිවෙකු බිය නොවිය යුතුයි..
අමාත්‍යංශයේ "මාතාවල " හම්බවෙන්නද ,නැත්නම් 'මහතලා "හම්බවෙන්නද එන්න කියනා තියෙන්නේ ?
බොරු පොෂ් වෙන්න ගියාම ඔහොම වෙනවා.මේ උනදැ ඉස්කෝලේ ගිහින් නැතුව ඇති .ඒකයි ප්‍රශ්නේ