
(යොහාන් භාසුර)
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ ‘චුලෝචනා’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබීම කැපී පෙණෙන සිද්ධියකි.
මීටර 300 ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කාර්මිකයන් සඳහා පාන වර්ග සකස්කර දීම ඇතුළු සෙසු කාර්යන් ඉටුකිරීම ඇගයීම වෙනුවෙන් මෙසේ එම සේවිකාවන්ගේ නම්වලින් මෙගාවොට් 60 බැගින් වන විදුලි ජනන යන්ත්‍ර දෙක නම් කළ බව උමාඔය විදුලි බලාගාරයේ උසස් නිලධාරිකේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපූරුයි. දේශපාලුවන්ගේ නම් දාලා කැත කරන්නේ නැතිව මෙහෙම කරන්න අදහස ගෙනාපු සහ ඒක ක්‍රියාත්මක කරන්න අවසර දුන්නු උතුම් මිනිස්සුන්ට මගේ උත්තමාචාරය...!
ඇති යාන්තම් හරි එහෙම දෙයක්වත් කළා. නැතිනම් ඉතින් දේශපාලුවන්ගේ නම් තමයි දාන්නේ...
මේක මාරම ආතල් රටක් අයිසේ...
හොඳ උදාහරණයක්... උමාඔය ඉංජිනේරුවන්ට මගේ ප්‍රණාමය...!
අනුර දිනන බවට සලකුණක්!
මට හරිම සන්තෝසයි. දේශය කන කෙනෙක්ගේ නම දාන්න නැතිව.. මෙම තිරණය ගත්තු ලොක්කාට මගේ ප්‍රමාණය...!
උමා ඔය සිදුර තියනවා කියපු කෙනාගේ නමින් ටොයිලට් එකක්වත් නම් කලොත් නරකද
සුපර්බ්
සමන්ත නමත් හොඳයි
ශ්‍රිලංකාවේ නිතර පවතින විදුලි ජනන යන්ත්‍ර "කොට උඩ "යෑම හෙවත් ක්‍රියාවිරහිත වීම මෙම උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට නොවේවායි කාට කිව හැකිද ?එහෙම උනවිට පාරිභෝගිකයන්ගෙන් කුනු බැනුම් අසන්නේ ලොක්කන්ට තේ අල්ලපු බලවතුන් දෙදෙනාට වීම කනගාටුවට කරුණක් වෙනවා ඇත
අති විශිෂ්ඨයි සර්.විවෘත කරන අවස්ථාවේ ඒ දෙදෙනාම ආරාධිත අමුත්තන් හැටියට කැදවීමට කටයුතු කලොත් තවත් වටිනවා
දැඩි යුද්ධයකින් ,මීටර් 300 පොලව යට සිටන් මහත් උද්යෝගයෙන් තම රාජකාරි ඉටුකළ මේ කනතාවන් වෙනුවෙන් මෙම යන්ත්‍ර නම් කිරීම ප්‍රශංසනීයයි
තරමක වෙනස් හොඳ යෝජනාවක්...(අපි ටිකක් වෙනස් විදියට (යහපත් විදියට) හිතන්න පටන්ගෙන වගේ.)
මොනවද සෙසු කාර්යයන් ?
දැන් ඉතින් ඕක හැමදාම කැඩෙයි!!
කිසිම බේදයක් නැතිව මෙවැනි තීරණයක් ගත් හිත හොඳ නිලධාරීන් පිරිසට අප හිස නමා ප්‍රණාමය පුද කරන්නෙමු
ඔය නම් දෙක අයින් කරලා පවිත්‍රා සහ ඩයනා කියලා දැම්මා නම් හරි
මෙම නම් තැබීමේ රහස වෙලාවට සැපයුම නොමැති විය හැක , පිළිගත හැකි කැරුණු නොමැතිව හෝ ක්‍රියා විරහිත වීම ඉඩ ඇත. යළි පණ ගැන්වීම එම යන්ත්‍රය කැමති වෙලාවක සිදුවිය හැක. යන්ත්‍ර 2කම නඩත්තුව සඳහා අධික වියදමක් දැරීමට ඇත. ක්‍රියාකරු තමන්ගේ රාජකාරි නිසිලෙස ඉටු නොකලොත් වෙනත් ජලාශයකට සේවාවන් සැපයීමටද ඉඩකඩ ඇත.
අපරාදෙ, පියුමි සහ දමිතා කියලා දාන්න...
මාසෙකට වරක් කැඩෙයි වගේ...!
ලංකාවෙ ටර්බයින් වලට ඉක්මනට බබා හම්බ වෙන නිසා කාන්තා නම් දැමීම ඉතාම උචිතයි