(අංජුල මහික වීරරත්න)

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ලබන පෙබරවාරි මස 15 වැනිදා වන විට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

එසේම ජලය මත පාවෙන සූර්ය පැනල මගින් මෙගාවොට් 3077ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට අවශ්‍ය ජලාශ 31ක් දැනටමත් හඳුනාගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

උමාඔය ව්‍යාපෘතියට සමගාමීව කුඹුරු හෙක්ටයාර් 4500කට සහ නව කුඹුරු හෙක්ටයාර් 1500කට ජලය සැපයීමට බලාපොරොත්තු වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.