IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ.

මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණයක් එකතු වීමට නියමිතය.

විදුලි නිෂ්පාදනයට අමතරව පානීය සහ කෘෂිකාර්මික අවශ්‍යතාව සඳහා ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියෙන් ඉටුවේ.

අමෙරිකානු ඩොලර් මිලියන 529 ක් වියදම් ඇස්තමේන්තුවක් යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2010 වසරේ මාර්තු මස 15 වැනිදා ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් 2015 වසරේ අවසන් කිරීමට නියමිත තිබුණ ද විවිධ හේතුන් නිසා වැඩ අවසන් කිරීම ප්‍රමාද විය. 



අදහස් (9)

‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි

සමන්තා Tuesday, 16 April 2024 05:31 PM

ඔය ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් මූලග්ගාය උපරිමයෙන් තියෙද්දි වුනත් රැස්වීම් ඇමතීමෙන් මහා සේවයක් සිදුකළ හිටපු මංත්‍රී විජ්ජාරත්න සහෝදරයාගේ සහභාගිත්වය ලබා ගන්නවා නම් ඉතාමත් හොදයි .ඔහුගේ සහභාගිත්වය නොලැබේවි නම් ඔහු ඒ කාලේ ඇමතූ රැස්වීම් වල අවස්ථාවන් කීපයක් උත්සව අවස්ථාවේ පෙන්වීමට හෝ කටයුතු කරනවා නම් බොහොම වටිනවා

:       0       0

Lal Tuesday, 16 April 2024 05:58 PM

චව් චව් ජෙප්පන්ගේ තවත් බෑ බෑ වැඩක් නේද මේක

:       0       0

බද්රානි Tuesday, 16 April 2024 09:11 PM

මේ ව්‍යාපෘතිය හේතුකොටගෙන කඳුකරයේ ජල මූලාශ්‍ර හිඳී ගියා. ගෙවල් පොළොවට ගිලා බැස්සා. ඒවා ගැන දැන් කාටවත් මතකත් නැහැ. ඒවා ගමන කතා කරන්න කවුරුවත් නැහැ. ව්‍යාපෘතිය ඉවර වුණාට ප්‍රතිලාභ ජනතාවට මේ වනතෙක් ලැබිලත් නැහැ. මේ වෙලාවේ ඊශ්‍රායල් කාරයින්ට ගහන්න තියෙන්නේ මොවුන් ඔක්කෝම තොලොංචි වෙලාම යන්න.

:       0       1

Perera Wednesday, 17 April 2024 01:40 AM

මගේ ගේ හදන්න පොඩි මුදලාලිගෙන් ණයක් ගත්තා .ගේ විවෘර්ත කරන්න මම පොලී මුදලාලිට එන්න කිව්වා

:       13       8

Rizad Wednesday, 17 April 2024 10:01 AM

Mahmoud Ahmadinejad කීවා මම මේක විවෘත කරන්න එනකොට එක ............... වහල අනිත් ............. යේ වහලට පෙනෙන සේ එම ජන කොට්ඨාසය වර්ධනය විය යුතුයි කියල

:       1       4

fairoos Wednesday, 17 April 2024 11:36 AM

දන් සැපද?

:       0       3

T.A.Amin Wednesday, 17 April 2024 11:40 AM

ජේවීපී කාරයෝ මොර දිදී වැලපුණා... මතකද ඒ දවස්වල මේ යොජනා ක්‍රමයට...?

:       3       4

සෙනෙවිරත්න Wednesday, 17 April 2024 05:16 PM

අමීන්, ජේවීපී කාරයෝ මොරදුන්නු හැබෑව, උමග හාරලා පළාතේ වතුර හිඳිලා ගෙවල් පුපුරනකොට, ඒ ප්‍රමිතියෙන් තොරව හාරපු උමග නිසා, කොන්ක්‍රීට් ආස්ච්චරය හාරන විට නොයෙදීම නිසා, ඒවාට වන්දි දුන්නා. ජවිපෙ හරියට කරන වැඩවලට විරුද්ධ නැහැ...

:       1       2

Nimal Wednesday, 17 April 2024 06:04 PM

ජවිපය කාරයින් කෑ ගහපු නිසා තමයි විදුලි බිල මෙදාපාර අඩුවුණේ. ඒකත් අමතක කරන්න එපා. සංවර්ධනේ කියලා, අනිත් හැම රෙද්දකටම යන්න දෙන්න බැහැනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site