IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


උමා ඔය ජනතා අයිතියට

(අංජුල මහික වීරරත්න සහ ප්‍රසන්න පද්මසිරි)

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක්  ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්  විවෘත විය .

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා උමා ඔය විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. 

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය (UOMDP) ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රමුඛ ව්‍යාපෘතියකි. ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එවකට ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ බලශක්ති අමාත්‍යවරයා අතර 2007 නොවැම්බර් 27 වැනි දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට (MOU) අනුව, "උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානයේ ෆරාබ් (FARAB) බලශක්ති සහ ජල ව්‍යාපෘති ආයතනය (FC) සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය විසින් අත්සන් තබන ලද 2008 අප්‍රේල් 28 දිනැති ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) 
කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඒ අනුව, ෆරාබ් සමාගම විසින් සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයන්, සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස් කිරීම්, සියලුම ද්‍රව්‍ය, උපකරණ, යන්ත්‍රෝපකරණ සහ භෞතික ඉදිකිරීම් ප්‍රසම්පාදනය, ස්ථාපනය, පරීක්ෂා කිරීම සහ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදු කර ඇත. සම්පූර්ණ කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514 ක් වන අතර කොන්ත්‍රාත්තුව 2010 මාර්තු 15 දින සිට බලාත්මක විය. ඉරානයේ අපනයන සංවර්ධන බැංකුව (EDBI) පළමුව 2013 වන තෙක් ඩොලර් මිලියන 50 ක් අරමුදල් සම්පාදනය කළේය. කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එම  කාලයේ පැනවුණු ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන්, ඔවුන්ට දිගටම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට නොහැකි විය. එබැවින් අදාල කොන්ත්‍රාත්කරු වූ ෆරාබ් සමාගම සමඟ රජයේ අරමුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.

2010 මාර්තු 15 වැනි දින ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාව වන විට, ව්‍යාපෘතිය නිම කිරීමට නියමිත දිනය 2015 මාර්තු 15 වැනිදා ලෙස දැක්විණ. 

නමුත් ප්‍රධාන වශයෙන් අනපේක්ෂිත ලෙස ප්‍රධාන උමඟට (Headrace tunnel) ජලය ඇතුළු වීමේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙන්ම සමාජ බලපෑම්, මූල්‍ය අභියෝග ගෝලීය ගැටලු සහ ඉදිකිරීම් කාලය තුළ ඇතිවූ Covid-19 වසංගතය, හේතුවෙන් ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර ව්‍යාපෘතියේ අඩුපාඩු සහ වගකීම් කාලය සමඟ මුළු කාලසීමාව 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර ඇත.

මෙම ව්‍යාපෘතිය 2024 පෙබරවාරි සහ මාර්තු මාසවලදී එහි මූලික ක්‍රියාත්මක කිරීමේ අදියර සම්පූර්ණ කර ඇති අතර ඒකක 01 සහ 02 ජාතික ජාලය සමඟ සාර්ථකව සම්බන්ධ කර ඇත. 2024 අප්‍රේල් 1 වැනි දින අත්හදා බැලීමේ මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් ආරම්භ විය.

බණ්ඩාරවෙල සහ වැල්ලවාය බිම් මට්ටම් අතර උස මීටර් 700ක වෙනසක් ඇත. මෙවැනි උසකින් උමගක මාර්ගය වෙනස් කිරීම පහසු නැත. එසේම, ටර්බයිනවලට ජලය වත් කිරීම සඳහා ගැඹුරු පීඩන පතුවළක් ඉදිකර ඇත. මෙවැනි නිර්මාණයක් ලෝකේ වෙනත් ස්ථානයක දකින්න නොලැබෙන බැවින් මෙහි ඉදිකිරීම් අවසන් වූ එය අපූරු නිර්මාණයක් වනු ඇත.

ෆරාබ් සමාගමෙන් මෙම ව්‍යාපෘතිය පවරා ගැනීමෙන් පසු වාරිමාර්ග අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කරන්නන් ලෙස ක්‍රියා කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත භාර දෙනු ලැබේ.

විදුලිය උත්පාදනය කිරීමෙන් පසු, එම ජලය උමගක් ඔස්සේ කිරිඳි ඔය හරහා ඉදිකරන ලද අලිකෝට ආර ජලාශයට හරවා යවනු ලැබේ. ඉන්පසු එම ජලය උමා ඔය ජලාශයේ වම් ඉවුරේ පිහිටි මෙම ව්‍යාපෘතිය යටතේ ධාරිතාව තුන් ගුණයකින් වැඩි කර ඇති හඳපානාගල ජලාශයට සහ මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, මහාරගම, තනමල්විල, බලහරුත වැනි ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා උමා ඔය දකුණු ඉවුරේ ඉදි කෙරෙමින් පවතින නව කුඩා ඔය ජලාශයටත් හරවා යවනු ලැබේ.මීටර් 60 කට වැඩි දිගකින් යුත් වාරි පද්ධතියක් ද ඉදිවෙමින් පවතී. මෙම වාරි ක්‍රම මඟින් යල සහ මහ දෙකන්නයේම දැනට පවතින වගා බිම් හෙක්ටයාර 1500කට සහ අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම් හෙක්ටයාර 4500කට වාරි ජලය 
සැපයීමට අපේක්ෂා කෙරේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු දායකත්වයෙන් ක්‍රියාත්මක වන උමාඔය පහළ ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් කිරිඳිඔය ද්‍රෝණියේ දීර්ඝ කාලයක සිට ගැටලුවක්ව පැවති ජල හිඟය සම්පූර්ණයෙන් අවසන් වන අතර, ලැබෙන ජලයෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. එමෙන්ම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරවෙල සහ වැල්ලවාය ප්‍රදේශවල පානීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ජලය ලබාදීමේ ගැටලුවට ද  විසඳුම් ලබා දී තිබේ.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1962 වසරේදී ආරම්භ කෙරුණු අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට පෙර සිටම දෙරට අතර සබඳතා පවත්වා ඇත. අතීත පර්සියානු යුගයේ දී දෙරට අතර සබඳතා ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය මඟිනි. ඉරානය 1975 දී  කොළඹ දී සිය තානාපති කාර්යාලය ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව 1990 ජනවාරි මාසයේදී ටෙහෙරාන් නුවර සිය තානාපති කාර්යාලය පිහිටුවන ලදී. දෙරට ම සෑම ක්ෂේත්‍රයකම සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර බහුපාර්ශ්වික සංසඳවලදී එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් කටයුතු කරයි.

ඉරාන සංවර්ධන ආධාර ණය ආකාරයෙන් ලබා දෙනු ලබන අතර, ප්‍රධාන වශයෙන් යටිතල පහසුකම්, වාරිමාර්ග සහ බලශක්ති වැනි ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම කෙරෙහි එමඟින් අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා රජය දැනටමත් ඉරානයට ඇමෙරිකානු ඩොලර් 19,301,572.6ක මුදලක් ආපසු ගෙවා ඇති අතර දළ වශයෙන් ගෙවිය යුතු ඉතිරි මුදල 
ඇමරිකානු ඩොලර් 35,246,022.56කි.

ශ්‍රී ලංකාව සහ ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි අනුබද්ධ ආයතනවල සමීපව කටයුතු කරමින් සිටින අතර දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් එකිනෙකාට සහයෝගය දක්වයි. ශ්‍රී ලංකාව සහ ඉරානය ආසියානු සහයෝගිතා කතිකාව (ACD) සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) මෙන්ම ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) ඇතුළු ජාත්‍යන්තර/කලාපීය සංවිධාන කිහිපයක සාමාජිකයන් වේ.

දෙරට අතර මහන් එයාර් ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා  ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති අතර ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරේ. 2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන රටවල් ලැයිස්තුවේ 27 වැනි ස්ථානයට පත් වූ අතර එය 2021 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. 2023 ජුනි මාසය අවසන් වන විට ඉරාන සංචාරකයින් 5,973ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.



අදහස් (5)

උමා ඔය ජනතා අයිතියට

ranjith Wednesday, 24 April 2024 12:59 PM

විදේශ ණය සහ මහජන අරමුදල් යොදාගනිමින් කරන මෙම ව්‍යාපෘති මගින් ජනතාවගේ විදුලි බිලට කෝ සහන? අන්තිමට කුණුකොල්ලයට විකුණාවි... අන්තිමට මිනිස්සුන්ට ණය ගෙවන්න පමණක් ඉතුරු වෙයි.

:       32       29

චිංචිමානවිකා Wednesday, 24 April 2024 01:54 PM

ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් කටින් මහ වෙහෙසක් සිදුකර ජනතාව ගොනාට ඇන්දවූ විජ්ජාරත්න සහෝදරතුමා නොකැඳවීම ගැන අපේ බලවත් විරෝධය හා කණගාටුව පලකරන්න කැමැතියි.. අඩුම ගණනේ ඒ උත්තමයා ඒ කාලයේ ඇමතූ රැස්වීමක් හෝ විකාශය කලානම් කොතරම් අගේද?

:       17       30

NilanthaThursday, 25 April 2024 06:30 AM

ඒක හරි දැන් ව්‍යාපෘතියේ සාර්තකත්වය නිසා උන්දැ දැන් කියනවා මගේ වැඩේ නිසා තමයි ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක වුනේ කියලා තවත් එකක් තමයි ඔවුන් බලය ගත්තාම සියලු දේවල් ගැන පරීක්ෂණ කරලා වැරදි කරුවන්ට දඩුවම් දෙනවා කියලා .එහෙම නම් ඔවුන්ට බලය ලැබුනත් කුණු අවුස්සනවා මිස රටේ වැඩක් කරන්න කාලයක් නැතිමවේවි.කොහොම හරි කිසිම වැඩක් පලක් නොකල කෙනෙකුට අනුන්ගේ අඩුපාඩු උපරිමයෙන් පේනවා ඒක තමයි මෙතන වෙලා තියෙන්නෙ යම්විදියකින් ජනතාව මෝඩ තීරණ අරගෙන මොවුන්ට පාලනය දුන්නොත් රජ්ජුරුවන්ට සුදු හකුරු හදපු මිනිහා කියපුදේ කියන්න මොවුන්ට බැරිකමක් නැහැ

:       1       2

Wije Wednesday, 24 April 2024 02:50 PM

අපේ ලොක්කෝ කොරපු හදපු ව්‍යාපෘති වල හැටියට ඉන්දියාවටත් ලයිට් දීලා ඉරත් හදත් බලන්ට තිබුනා ,ඒත් රට බංකොලොත්

:       15       8

Amila Thursday, 25 April 2024 10:33 AM

2017 නිම කරන්න තිබූ උමා ඔය ව්‍යාපෘතිය 2024 දක්වා කරගෙන යාමට විශාල දායකත්වයක් ලබා දුන් විජ්ජාරත්න සහෝදරයාට උත්සවයට ආරාධනා නොකිරීම තරයේ හෙළා දකිමු.....

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 40 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 35 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 181 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 67 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 465 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 1059 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site