(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ (2022) පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එම කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්වය හමුවේ විද්‍යා විෂයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම අදියර දෙකක් යටතේ කිරීමට සිදුවූ බවත් ඇතැම් විදුහල්පතිවරු ඇගයීමේ රාජකාරී සඳහා ගුරුවරුන් නිදහස් නොකිරීමට ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.
මෙම වසරේ පෙබරවාරි මස මැද අවසන් වූ පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉවත්ව සිටීමෙන් මාස තුනකට අධික කාලයක් පිළිතුරු පත්‍ර ඇගයීම ප්‍රමාද විය.
කෙසේ වෙතත් ලබන අගෝස්තු මස ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දින දෙකකට පෙර නිවේදනය කළේය.