IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි

(රංජන් කස්තුරි)

උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය. 

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි ක්‍රමවේද නතර කළ යුතු බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි. 



අදහස් (8)

උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි

AB Monday, 09 January 2023 06:02 PM

උපයනවිට බද්ද වැටුපෙන් අඩුකරගැනීම ලෝකයේ රටවල කරනාවූ සරල ක්‍රමයකි. දියුණු රටවල් වැටුපෙන් 40% දක්වා TAX ලබාගනී. ලංකාවේ පුරවැසියන්ගේ වැටුපෙන් රජය අයකරනා TAX කෙසේ වියදම් කරන්නේද කියා විනිවිදව සහ වගවීමක් හෝ වගකීමක් සහිතව ක්‍රියා කරන්නේනම් රජයට TAX ලබාගැනීම අපහසු නොවනු ඇත.

:       3       25

RasikaMonday, 09 January 2023 09:14 PM

රුපියල් 250,000/- තෙක් වැටුප් බදු නිදහස් කර 250,000/- සිට 500,000/- දක්වා 6% උපරිමයක් සාදාරණ කියල කියන්න පුළුවන් . 500,000/- දක්වා 36% ගන්න කොට බදු කියලා EPF, ETF කැපෙනකොට සියට 40% කට වඩා ( 180,000/-) විතර ලක්ෂ පහක පඩියෙන් කැපිලා . අතට හම්බවෙන්නේ ලක්ෂ තුනක් විතර . එතකොට බැංකු ණය දීලා තියනවා පඩියෙන් 60% දක්වා . වාහන ගෙවල් ණය වගේ . බැංකු ණය 60% කැපිලා බදු කියලා EPF, ETF කියලා තව සියට 40% කැපෙනකොට අතට ජිවත් වෙන්න තියෙන්නේ 0% යි . මේක හරිම අසාධාරණයි . බඩ ගින්නේ මැරෙන්න වෙන්නේ ජනවාරි අන්තිමට

:       0       13

sharm warnTuesday, 10 January 2023 11:02 AM

එහෙම වෙන එකත් හොදයි.. එතකොට වත් මෙ රටේ ඉන්න කුහක අවස්ථාවාදී ජන කොටසකගෙ ඇස් ඇරිලා මොලේ වැඩ කරන්න පටන් අරන් ඇත්තටම වෙලා තියෙන සන්තෑසිය පෙනිලා පොලොවෙ පය ගහල . . අඩු ගානෙ තමන්ගෙ යහපත වෙනුවෙන් වත් කතා කරයි නේ... එක එක කුපාඩි දේශපාලුවන්ගෙ ඔන එපා කම් සපුරන්න කඩෙ යන්නෙ නැතුව..

:       0       1

Lalith M Monday, 09 January 2023 11:34 PM

දියුණු රටවල සේවකයාට රැකියාව අහිමි වුනොත් නැවත රැකියාවක් ලැබෙන තෙක් රජය දීමනාවක් ගෙවනවා.අපේ රටේ අපේ බදු මුදල රජයේ ලොක්කන් කොල්ලකනවා. ඒකයි වෙනස......

:       0       20

jaya Monday, 09 January 2023 06:15 PM

උපයන විට ගෙවන බද්ද උපයන්නා නැතිව සේවා යෝජකයා ගෙව්ව් අපුරු රටක් නේ මේක

:       0       27

Tax evader Monday, 09 January 2023 07:12 PM

මොන නින්දාවක් ද. අපි හැමෝම අපේ බදු මුදලින් සාධාරණ කොටසක් ගෙවිය යුතුයි. ජනතාව දේශපාලනඥයන්ට බනිනවා. නමුත් අපට අවස්ථාවක් ලැබුණු විට සත්‍යය අප සියල්ලන්ම වානේ ය. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. අපි කොච්චර ආත්මාර්ථකාමී ජාතියක්ද. බදුවලින් කොටසක් ගෙවන්නේ සුළු පිරිසක් පමණයි. තවත් සමහරු බදු පැහැර හරිමින් රට සංවර්ධනය කිරීම ගැන කතා කරති

:       3       11

ලංකාපුත්‍ර Tuesday, 10 January 2023 06:00 AM

සහතික ඇත්ත සමගි පෙරමුණු රජය පැවති 1970 ත් 1977 ත් අතර කාලයේ (ඒ කාලයේ රජයේ සේවයේ ලිපිකරු ආරම්බ්භක මූලික වැටුප රුපියල් 250/= ට අඩුයි ) ඇන් ඇම් පෙරේරා මුදල් ඇමතිවරයා ලෙසට උපයන විට ගෙවීම් අයකලා ඉහත දැක්වූ තනතුරු දැරූ පළමු පංතියේ අයගෙන් පවා උපයනවිට ගෙවීම් අයකර තිබුනා පැරැණි වැටුප් ලේඛන ඵලදායිතා සම්මාන ගැනීමට විනාශ නොකලානම් තිබෙන තැන්වලින් අවසරයක් ඇතුව බලන්න පුළුවන් වේවි එම අයකිරීම අදාල ආයතනයෙන් ගෙව්වෙ නැහැ ගෙව්වෙ අදාල අය විසින්ම තමයි ඒ කාලයේ රට ගැන හැගීමක් තිබුන දෑහිතකාමීන් සිටියත් දැන් ඉන්නෙ ඉතාමත් ආත්මාර්ථකාමිත්වයක් ඇති මැතිතුමාලා කියලා තමයි කියන්න පුළුවන්

:       0       3

Bamunuarachchi Tuesday, 10 January 2023 04:11 PM

මොන බම්බුවටද රටේ ජනතාව කාගේවත් බදු ගෙවන්නේ? උපයන්නේ උම්බලානම් උඹලා ගෙවපන් බදු. ඒගොල්ලෝ OT සමග ලක්ෂ ගණන්වලින් පඩි ගන්නවා උන්ගේ බදු බර ජනතාවට පටවනවා. මොකාගෙ නීතිද මෙපමන කලක් බාවිතා කලේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site