
(රංජන් කස්තුරි)
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.
වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි ක්‍රමවේද නතර කළ යුතු බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපයනවිට බද්ද වැටුපෙන් අඩුකරගැනීම ලෝකයේ රටවල කරනාවූ සරල ක්‍රමයකි. දියුණු රටවල් වැටුපෙන් 40% දක්වා TAX ලබාගනී. ලංකාවේ පුරවැසියන්ගේ වැටුපෙන් රජය අයකරනා TAX කෙසේ වියදම් කරන්නේද කියා විනිවිදව සහ වගවීමක් හෝ වගකීමක් සහිතව ක්‍රියා කරන්නේනම් රජයට TAX ලබාගැනීම අපහසු නොවනු ඇත.
උපයන විට ගෙවන බද්ද උපයන්නා නැතිව සේවා යෝජකයා ගෙව්ව් අපුරු රටක් නේ මේක
මොන නින්දාවක් ද. අපි හැමෝම අපේ බදු මුදලින් සාධාරණ කොටසක් ගෙවිය යුතුයි. ජනතාව දේශපාලනඥයන්ට බනිනවා. නමුත් අපට අවස්ථාවක් ලැබුණු විට සත්‍යය අප සියල්ලන්ම වානේ ය. හැමෝම අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. අපි කොච්චර ආත්මාර්ථකාමී ජාතියක්ද. බදුවලින් කොටසක් ගෙවන්නේ සුළු පිරිසක් පමණයි. තවත් සමහරු බදු පැහැර හරිමින් රට සංවර්ධනය කිරීම ගැන කතා කරති
මොන බම්බුවටද රටේ ජනතාව කාගේවත් බදු ගෙවන්නේ? උපයන්නේ උම්බලානම් උඹලා ගෙවපන් බදු. ඒගොල්ලෝ OT සමග ලක්ෂ ගණන්වලින් පඩි ගන්නවා උන්ගේ බදු බර ජනතාවට පටවනවා. මොකාගෙ නීතිද මෙපමන කලක් බාවිතා කලේ.