(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කිරීමෙන් පසුව අභියාචනාධිකරණය වෙත පැමිණි නීතිපති සංජේ රාජරත්නම් මහතා කියා සිටියේ මෙම අතුරු නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය බවයි.
දැනටමත් සමහර විනිසුරුවරුන්ගෙන් මෙම බද්ද අයකරගෙන ඇති බවත් කෙසේ නමුත් මේ පිළිබඳ කරුණු දැක්වීමට කල් අවශ්‍ය බවත් නීතිපතිවරයා කියා සිටියේය.
ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි 9 වැනිදාට කල් තැබින.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිස්ත්‍රික්ක විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කාර විනිසුරුවරුන්ගේ වටුපෙන් උපයන විට බද්ද අඩු කිරීමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව තීරණයක් කර ඇත. විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි වේ. එබැවින් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර විනිසුරුවරුන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක් එක නීතියක් නෙමෙයිද...?
එතකොට අනිත් අයගෙන් උපයන විට ගෙවන බද්ද අයකරගන්න එකත් වැරැදියි.
බදු අඩු කිරීමට නීතියෙන් ප්‍රතිපාදන නැතිනම් වහාම නීතිය සංශෝධනය කළ හැකියි නේද?
ඇයි විනිසුරුවන් කියන්නේ මේ රටේ පුරවැසියන් නෙවෙයිද?
ඇයි අපි කන්නේ නීථිග්නවරු කන පාන් නෙමෙයිද ?