(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සියයට 14 කින් පමණක් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යොමුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහජන උපයෝගිතා කොමිසමේදී අද (1) පැවැත්වෙන බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදදුලි ගාස්තුව සියයට 18 කින් අඩු කරන්නේ යැයි විෂයභාර අමාත්‍යවරයා පවසා තිබියදී විදුලිබල මණ්ඩල ගාස්තු සියයට 14 කින් පමණක් අඩු කිරීමට කරඇති යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බවත් එම නිලධාරියා කීය.
මෙම සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇති බව කී එම නිලධාරියා විදුලිබල මණ්ඩලය යොමුකර ඇති නව යෝජනාවේ වියදම් පිළිබඳව එහිදී කරුණු විමසීමට නියමිත බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංවිම 14යි. ඇමති 18යි. ලංවිම හරි, ඇමැති හරි කියන විදිහට අඩු කරන්න උපයෝගිතා කොමිසම මොකටද? ඔක්කෝම දත්ත විශ්ලේෂණය කරලා මහජනතාවට සාධාරණ වෙන විදිහට තීරණ ගන්න මේ කොමිසමට බැරිද? අනේ කාලේ වනේ වාසේ කිව්වාලු.
මිල වැඩි කරන්න නම් එක රැයකින් වැඩි කරනවා. කෝ අඩුකරනකොට ඒ හදිස්සිය..? රනිල් කියන කියන පදයට නටන පඟර නැට්ටන්...