IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උපන් බිමට ගෞරවය ගෙනා මිනුලි

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 11 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිනුලි සොහන්සා මහා බි්‍රතාන්‍යයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට ඇතුළත් වීමට වඩාත් කැපී පෙණෙන සිද්ධියක් බවට පත්ව තිබේ.

ඇය පසුගිය ජූලි මස පැවැති බි්‍රතාන්‍ය ජාතික ජිම්නාස්ටික් තරගාවලියේදී දැක්වූ දස්කම් සමඟ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව ඇය ලබන ඔක්තෝබර් මස ජර්මනියේදී පැවැත්වෙන ලෝක ජිම්නාස්ටික් තරගාවලියට බි්‍රතාන්‍ය කණ්ඩායම නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂ ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වන ගුණරත්න බණ්ඩාර මහතා ඇයගේ පිය වන අතර ගුණරත්න මහතා එංගලන්ත ජිම්නාස්ටික් සමාජයක සහ ඔහුගේම පුහුණු පාසලක ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරයි.

ජිම්නාස්ටික් ක්‍රීඩාව පිළිබඳව මුලකුරු සිය පියාගෙන් හැදෑරු මිනුලි වයස අවුරුදු 6 සිට එංගලන්ත ජාතික පුහුණුකරුවෙක් යටතේ පුහුණුව ලබන්නීය.

ලන්ඩන් නුවර ජීවත් වන මිනුලි සොහන්සා පවසන්නේ ඇයගේ ඉලක්කය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීම බවයි.

 



අදහස් (1)

උපන් බිමට ගෞරවය ගෙනා මිනුලි

Colombo citizen Monday, 07 August 2023 08:16 AM

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගෙ දරුවෙක් මේ වගේ දස්කමක් දක්වපු එක ගැන සංතෝසයි .හැබැයි ඒ දරුවා ශ්‍රී ලාංකික නොවෙයි . බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඉන්දියානු චීන ජාතිකයන් විශාල ප්‍රශ්නයක් ඇමෙරිකාව බ්‍රිතාන්‍ය නියෝජනය කරනවා . ඩන්කන් වයිට් ලා සුසන්තිකා ලා වගේ අය තමයි රටට නියම ගෞරවය ලබා දුන්නෙ .

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site