(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යංශය සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බව ද එම අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උපාධි ආයතන බොහොමයක් විදේශ විශ්ව විද්‍යාල සමග අනුබද්ධිතයි. මේ ගෙවන මුදලින් කොටසක් යන්නේ ිඒ විදේශ විශ්ව විද්‍යාල වලට. ඔය ගමන්ම අපේ විශ්ව විද්‍යාල වලත් බාහිර උපාධි අංශ වැඩි දියුණු කරලා මුල් අවුරුදු දෙක නැතිනම් තුනේ බාහිරව ඉගෙන ගතහැකි විශයන් සියල් මර්ග ගත ක්‍රමයට කරන්න අභ්‍යන්තර සහ බාහිර සිසුන් හැමෝටම අවස්ථාව සලසා දෙන්න බැරිද?
චන්දිම මහත්මය අද්‍යාපනයට තාප්ප බන්ඩල විදේශ විශ්ව විද්‍යල කියල වෙන් කරල මෙ ප්‍රශ්න විසදන්න බැහැ , අපේ විශ්ව විද්‍යල වල උපාධි ගනිපු පුද්ගලයන් විදේශ රටවල පිලිගන්නව නම් අපිත් විදේශ රටවල විශ්ව විද්‍යල වලට අවස්තාවක් දෙන්න ඔනෙ අනිවර්යයෙන්ම, මොන හෙතුවක් මත හෝ අපෙ උපාධි මෙහෙ පිලිගන්නෙ නැහැ කියල කිවොත් අපිට යුරොපෙ රස්සා කරන්න බැරි වෙනව.
ණයට උපාධි ගත්තාම රජයේ රැකියා දෙන්නත් වෙනවා.. රැකියා කොහෙන්ද හොයන්නේ? ඉස්සර අපිට රැකියා දීපු අය දැන් බංගලිදේශයේ රැකියා සපයනවා. මහා පරිමාණයේ රැකියා සපයපු කර්මානත් කරුවන් රට හැරගියා. කාටද ආඩම්බර? ජෙප්පන්ටයි, අරගලකරුවන්ටයි ආඩම්බර...
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල බොහෝවිට උගන්නන්නේ ඒවයේ ආදි සිසුන්. මේ විදියට ඒ අය ඒ අයගේ පිරිවැය අඩු කරගන්නවා. හොඳම දේ රජයේ විශ්ව විද්‍යාලවල බාහිර අංශයෙන් උපාධි ගැනීමයි. අනික සිසුන්ට ණය දුන්නාට ආර්ථික ශක්තිමත් නැති රටක ඒ සිසුන්ට ඒ ණය ගෙවා ගැනීමට තම දැනුමට සරිලන වැටුප් ගැනීමට කල් යනවා. නීතියක් නැති රටක බොරු ආචාර්ය පදවි සහිත පෞද්ගලික විශ්ව විද්‍යාල හිමිකරුවොත් ඉන්නවා. ප්‍රවේශමෙන් තම උපාධිය තෝරාගත යුතුයි. සමහර උපාධිවලට ලංකාවේ මෙන්ම පිටරටද රැකියා නැහැ. ඊට වඩා තාක්ෂණිකවේදී ඩිප්ලෝමාවට රැකියා තියනවා.