IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උපාධිධාරි පෙම්වතා උපාධිධාරි පෙම්වතියගේ ගෙළ කපා මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න, බුද්ධික කුමාරසිරි සහ සුමිත් පොතුපිටිය )

උපාධිධාරී පෙම්වතියගේ ගෙළ කපා ඝාතනය කළ උපාධිධාරී පෙම්වතා පෙති වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව නාගොඩ රෝහලට ඇතුළත්වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව   මූලස්ථාන පොලීසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්පිටිය ගැටහැත්ත  පදිංචිව සිටි බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිණියක් ලෙස සේවය කරන 32 අචිනි තුෂාරි නමැත්ති තරුණියකි.  33 හැවිරිදි සැකකරු මේ වන විට කළුතර නාගොඩ මහරෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ තරුණිය සහ සැකකරු බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ සේවය කරන අතර සැකකරු නවාතැන් ගෙන සිටින හෝමාගම උසාවිය පාරේ දෙමහල් නිවසක උඩුමහලේ කාමරය වෙත සැකකරුගේ මව සමග තරුණිය ඊයේ පැමිණ ඇතැයි පොලිසිය කියයි.

ඇයට පිටත්ව යාම සඳහා හෝමාගම නගරයට යාමට ත්‍රීරෝද රථයක් රැගෙන ඒමට යැයි පවසා සැකකරු සිය මව නිවසින් පිටතට යවා තිබූ බවත් ඇය පැමිණෙන විට සැකකරු පවසා ඇත්තේ තරුණියක් පිටව ගිය බව යැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු ෙපෙති වර්ගයක් පානය කළ බව පවසමින් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් වී ඇති අතර එහිදී වෛද්‍යවරුන් සැකකරු ඇඳ සිටි කමිසයේ ලේ පැල්ලමක් දැක ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කළුතර දකුණ පොලිසියට කරන ලද දැනුම්දීමක් අනුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් අනාවරණය වී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

ඡායාරූප බුද්ධික කුමාරසිරි



අදහස් (2)

උපාධිධාරි පෙම්වතා උපාධිධාරි පෙම්වතියගේ ගෙළ කපා මරලා

Pradeep Kumara Wednesday, 08 November 2023 08:10 AM

මේ මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නේ. මරනවා, කපනවා, කොටනවා වගේ දේවල් සාමාන්‍ය දේවල් වෙලා. අනික තමන් ආදරේ කරපු කෙනෙක්ව මරන්න තරම් හිතක් දරුණු වෙන්නේ කොහොමද?

:       0       11

ලුම්බිණි Wednesday, 08 November 2023 09:53 AM

ආදරය කියන එකේ තේරුම වත් නොදන්නා කාලකන්නි. හරිම කනගාටුයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site