
(උපුල් හේරත්)
රැකියාවක් නොමැතිව ගිනියම් අව්වේ මහ පොළව සමග හැප්පෙමින් රැය පහන් වන තුරු එම වගා අලින්ගෙන් ආරක්ෂකර ගැනීම ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිකාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේ දී අපට හමු විය.
ඇය නමින් ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය. දරුවන් පස් දෙනකුගේ පවුලේ සාමාජිකයකු වූ චතුරිකා මූලික අධ්‍යාපනය ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් සපුරා ගත් අතර උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදිවිදුහලට ඇතුළත් වූවාය.
2014 වසරේ විශ්ව විද්‍යාලයට වරම් ලැබූ ඇය එය සාර්ථකව නිම කළාය. උපාධියෙන් අනතුරුව ඊට සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවන ඇවිද්දත් ඇයට සුදුසු රැකියාවක් මෙතෙක් නොලැබුණාය.
ජීවිතය ගැටගසා ගන්නට හරිහමන් ජිවනෝපායක් නොලද ඇය අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ තම එකම දරුවාටද ආරක්ෂාව ලබා දෙමිනි.
දහවල් කාලයේ මහ පොළව සමග පොර බදින ඇය රාත්‍රී කාලයේ ගොවිපොළෙ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආශාවට නොව වන අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කර ගැනීමටය. ඒ සෑම තැනකටම ඇය තම කුඩා පුතුද රැගෙන යාමට ඇයට සිදු වූවාය.
අනුරාධපුරයේදී ඉකුත් දා පැවැති රැකියා විරහිත තරුණ තරුණියන්ගේ විරෝධයේ දී ලොකු හඬක් ඇසුණේ ද ඇගෙන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දුක්බර කතාවේ පිටුපස සිටින බලවේග යක් තමයි අද රට ගොඩ ගන්න දඟලන්නේ. දෙමව්පියන් ගුරුවරුන් හා ළමයින් අනේක විධ දුක් ගැහැට විඳලා ිශ්ව විද්‍යාලයට යන්නේ මොනතරම් බලාපොරොත්තු තියාගෙනද. ඒත් ඇතුලට ගියාම ජේවීපී කාරයෝ ඉස්සර රැග් කරනවා කියලා උන්ගේ හිරියොතප් නැති කරනවා උන්ට ලිංගික භාණ්ඩයක් හැටියට පාවිච්චි කරන්න ලේසි වෙන්න. පස්සේ උන්ගෙ ළඟ තිබිච්ච රට ජාතිය ආගම ගැන තිබිච්ච ආදරය ජාතිකානුරාගය නැතිවන විදියට උන්ගේ මොල හෝදනවා යුතුකම් පැත්තක තියලා ඉල්ලීම් ඉල්ලගන්න විතරක්. ඊට පස්සේ උන්ට නිවැරදි අධ්‍යාපනයකට යොමු වෙන්න නොදී මුන්ගෙ දේශපාලන වැඩවලට පාරවල් ගානේ උද්ඝෝෂණවලටයි වැඩ වර්ජන වලටයි යොදාගන්නවා. ඊට පස්සෙ කැම්පස් එකෙන් එලියට දාන්න ඉගෙන ගත්ත දේවල් වලට විතරක් විභාගයක් ලියලා යන්තම් උපාධි සහතිකය විතරක් ගන්නවා දැනුම නැතුව. පුද්ගලික ආයතන වල ලංකාවේ උපාධිවලට කිසිදු වටිනාකමක් නැත්තේ හරියට ඉගෙන නොගෙන විස පොවපු මේ උපාධිධාරීන්ට කිසිදු වැඩක් හරියට කරගන්න බැරි නිසයි රාජ්‍ය ආයතන වල තියෙන අකාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවත් මේක . ජේවීපී කාරයෝ රටේ උගතුන් විනාශ කරලා රටට කරපු විනාශය අනිත් සෑම විනාශයන්ට වඩා වැඩියි
ඕකට වග කියන්න ඕනෑ, මේ රටේ අධ්‍යාපනය හදන දේශපාලනය සහ බලධාරින්. නිකන්ම උපාධියක් තිබ්බාම ඇති කියලා ළමයින්ගේ ඔලුවට දාලා... පස්සේ කිසිම රැකියාවකට සුදුසු නොවී අවුරුදු 25-27 එළියට උපාධි ධාරියෙක් බිහිවෙන තැනට මිනිස්සු පත්කරලා. ඕකට නිදහස් අධ්‍යාපනය කියලා වටේටම විකුණන තත්වයක් ඇතිකරලා...
අනිවාර්යයෙන්ම කර ඇත්තේ කලි විෂය.
උපාධි සහතිකය රැකියාවලට මගක් වූයේ කලා උපාධිය නිසා... උපාධිය ව්‍යවසායකත්වයට මගක් ලෙස පවත්වාගෙන යා යුතුයි...රජයේ රැකියාවලට යන්න මාර්ගයක් නොවිය යුතුයි.