
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල, ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නැමැති (30) හැවිරිදි තරුණියයි.
මියගිය තරුණිය තවත් තරුණියන් තිදෙනකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඉකුත් සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40 ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇය සමග කාමරයේ වෙසෙන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මිතුරිය ද රැකියාව නිමවා ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා ඇය රැගෙන එන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවත්ය.
ඒ අතරතුර එම මිතුරිය නාන කාමරයට ගොස් ඇඟ සෝදා පිරිසුදු කරන අතරවාරයේදී කෑ ගැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් ඇසී ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ සෝදිසි කිරීමේදී මිතුරිය ඉහළ මහලයෙන් වැටී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් පදිංචි නිවස හිමිකරුවන් වෙත පවසා ඇතැයි පොලිසිය කියයි
වහා ක්‍රියාත්මක වූ අසල්වාසීන් සුවසැරිය ගිලන් රථය මගින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මියගිය තරුණියක් මීට පෙර ඉඩම් රේජිස්ටර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි
කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම සිදුකෙරිණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාරක්ෂිත නිවාස කුලියට දීම වැරැදියි. මේ ගෙවල් අයිති කරුවන්ට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි...
සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත වැටක්, ලිස්සා ගියොත් ඔය අත්වැට අතරින් පහලට වැටෙනව, ඒ වගේම ලණු වලින් අවෙරනය වන කොටසකුත් පේනව, නිවෙස් හිමියන් කුලිය බලා මෙවන් අනාරක්ෂිත නවාතැන් දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතුයි.ඇයට නිවන්සුව ලැබේවා,
වෙච්චි දේ ගැන කණගාටුයි.
කවුරු වුණත් මනුස්සයෙක් නේද? මේ වාර්තාවේ උලුප්පලා තියෙන්නේ විදිහට එච්චර උගත් නැති කෙනෙක් මෙහෙම වැටුණානම් කමක් නැහැ වගේ...!
සල්ලි වලට තියන තන්හාවට සහ කෑදරකමට නිසි ආරක්ෂාවක් නැතිව මිනිස්සුන්ට කුලියට සහ පදිංචියට දෙන එවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි....නිවසක් කුලියට දීමට සුදුසුද තහවුරු කිරිමට රජයේ වගකිව යුතු ආයතනයක් ලංකාවේ නැති නිසා ප්‍රමිතියෙන් තොර මිනිස්සුන්ට ආරක්ෂා සහිත නොවන ගෙවල් සෑහෙන ප්‍රමාණයක් නගරබදව තියෙනවා..
වහාම මේ බිල්ඩිමේ අයිතිකාරයාට එරෙහිව දඩුවම් ලබා දෙන්න.
මේවා නියාමනය සදහා නිසි ක්‍රමවේදයක් තිබුණා නම් මෙවැනි අකල් මරණ සිද්ධ වෙන්නේ නැහැ.
මේ ප්ලෑන් එක අනුමත කළේ කවුද?
කෝකටත් කැමරා චෙක්කළානම් වඩා හොඳයි නේද?