IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උපාධි උළෙල කල් දැමීම බරපතළ වරදක්

(ෂේන් සෙනෙවිරත්න)

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය නිසා උපාධි ප්‍රදානෝත්සවය කල්දැමීමට සිදුවීම එම උපාධි අපේක්ෂකයන්ගේ අයිතීන් බරපතළ ලෙස කඩවීමත් බැවින් ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා උපකුලපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාට යොමු කර ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ උපාධි ප්‍රදානෝත්සවය කඩාකප්පල් කරන පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන එන ලෙසත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලක සභාව නිසි ලෙස දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

වැඩ වර්ජනයක් හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් කල්දැමීමට සිදුවීම හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට බලවත් කැළලක් ඇතිවී තිබෙන බව පෙන්වා දෙන එම ලිපියේ විශ්ව විද්‍යාලයේ වැදගත්ම අධ්‍යයන උත්සවය වන උපාධි ප්‍රදානෝත්සවය කීපදෙනකුගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් කල් දැමීම සම්බන්ධයෙන් දැඩි කම්පනයට පත්ව සිටින බව ද එම ලිපියේ සඳහන් වෙයි.



අදහස් (7)

උපාධි උළෙල කල් දැමීම බරපතළ වරදක්

⚡⚡⚡⚡⚡⚡⚡ Tuesday, 28 May 2024 09:53 PM

පේරාදෙණියේ පමණක් නොවෙයි සමස්ත ලංකාවෙ රජයේ විශ්ව විද්‍යාලවල උපාධි ප්‍රධාන කල්දැමීම දරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වාගේම දරුවන්ගේ දෙමාපියන්ට දැඩි මානසික පීඩාවක් වෙනවා (මේවා කරන අයට තමන්ගෙ දරුවන්ට එහෙම දෙයක් සිදුවූ දවසක වරද තේරුම් ගන්න පුළුවන් වේවි) මෙහෙම අසමජ්ජාති ඒවා කරන කරවන අනුබල දෙන අනුමත කරන සියලු අයට ඒවායේ විපාක ජාති ජාතීත් පඩිසන් දෙන පාපකර්මයක් වේවි .

:       4       3

Jayamanna Tuesday, 28 May 2024 09:53 PM

ඔයත් ස්ට්‍රයික් කරනකොට මෙහෙම වෙනවා. ශාස්ත්‍රීය නොවන සහ ශාස්ත්‍රීය යන දෙකම රටේ කූඩැල්ලන්ය. මේවා පෞද්ගලීකරණය කළ යුත්තේ රටට ඵලදායී හා ලාභදායී තත්ත්වයකට පත් කිරීමටයි.

:       3       8

Vj Wednesday, 29 May 2024 05:45 AM

ආචාර්ය වරු වැඩ වර්ජන කරන කොට එහෙම උනේ නැද්ද

:       4       6

ජයනාත් Wednesday, 29 May 2024 06:25 AM

එතකොට ආචාර්යවරු ස්ට්‍රයික් කරල ලමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරපුව හරිද.. තමන් ගැන විතරක් හිතන අයට මෙ වගෙ දේවල් කියවෙනව .

:       4       5

සුභාෂ් Wednesday, 29 May 2024 06:35 AM

එතකොට විශ්විද්‍යාල ආචාර්ය වරැන්ට වැටුප් මදි කියලා මාස ගානක් ස්ට්‍රයි කරලා, උසස්පෙල ප්‍රශ්න පත්‍ර අධික්ෂණ වැඩ වලින් බැහැර වෙලා මාසගානක් ලමයින්ට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අවස්ථා නැති කිරීමටත් ගරැ අධිකරණයට අතීතයට බලපැවැත්වෙන නීති සම්පාදනය කරලා ඒ ළමුන් වෙනුවෙන් සාධාරණයක් කරන්න ඔනි කියලාත් ඔය පාලක සභාව තෙරැම් ගත්තද? කබර ගොයි තලගොයි න්‍යය...ඔබත්‍රමාට හොදට තෙරෙනවා ඇති...

:       3       6

ජුනයිඩ් නානා Wednesday, 29 May 2024 08:19 AM

1982 වසරේ ඇතුළත් කර ගත් සිසු සිසුවියන්ටත් උපාධි ප්‍රදානෝත්සවය තිබුණේ නැහැ. 88/89 භීෂණ සමය නිසා උපාධි සහතිකය කාඩ්බෝඩ් බම්බුවක රිංගවා තැපැල් මගින් නිවසට එවූ බව පීඨාධිපති තුමා නොදන්නවා විය නොහැකිය. එදා එම සිදුවීමට වගකිව යුත්තන්ටත් නඩු පවරා නිසි දඬුවම් දිය යුතු නොවේද , ආචාර්ය තුමනි.

:       4       4

මංජුල Wednesday, 29 May 2024 08:31 AM

අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරන එකේ තියෙන වරද මොකද්ද මහත්තයෝ? අර දොස්තරලා ලෙඩ්ඩුන්ගෙ ජීවිතේ ඇපේට අරන් ස්ට්‍රයික් කරන්නේ. ඔයාලා ස්ට්‍රයික් කරන කොට ළමයිට පාඩු නැද්ද? කෝ ඔයාලගේ සද්දෙ එතකොට? ඒක බරපතල වරදක් නෙමෙයිද. ඔයා නිකං උපකුලපති වගේ තනතුරක් බලාපොරොත්තු වෙලා ලකුණු ගන්න ලොකු ගේමක් දෙනව වගේ අපිට පේන්නෙ. අපි නොදන්න චෙස්.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site