(අතුල පී. බණ්ඩාරනායක)
උපකාරක පන්ති පවත්වාගෙන යන පාසල් ගුරුවරයකුගේ උසස් පෙළ පන්තිට සහභාගී වූ සිසුවියන් සිවු දෙනකුගේ නිරුවත් ඡායාරූප ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර ගුරුවරයා රම්බොඩගල්ල හා මාවතගම ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වාගෙන යන අතර සැකකරු පාසල් ගුරුවරයකු බව ද පොලිසිය පවසයි.
සිසුවියන් සිව් දෙනාට වැඩිදුර ඉගැන්වීමට බව පවසා මෝටර් රථයෙන් වරින් වර රැගෙන ගොස් මෝටර් රථය නවතා ඒ තුළදීම මෙසේ ඡායාරූප ගත් බව එම සිසුවියන් පොලිසියට කියා ඇත.
සැකකරුගේ ඡංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී සිසුවියන් සිවු දෙනාගේ නිරුවත් ඡායාරූප එහි සටහන් වී තිබූ බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට රජකාලේ දඬුවම් දීම තමයි වඩාත් සුදුසු.. නළලේ පච්චයකුත් කෙටුවානම්...?
ජෝෂප් ස්ටාර්ලින්ට බාරදුන්නා නම් නඩුව අහයි.