
ගුවන් යානා අනතුරින් මියගිය, මලාවි උප ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අතර, දේහය රැගත් රිය පෙරහර වීදි සංචාරය කරද්දී, එම රථ පෙරහරට අයත් එක් මෝටර් රථයක් උප ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස පොරකමින් සිටි ජනතාව අතරට කඩා වැදුණි.
එම මෝටර් රථයට යට වීමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් මලාවි රජය පවසා තිබේ. මෙම අනතුර සිදුවූයේ අවමංගල රිය පෙරහර ට්චෙචු නමැති ගම්මානය පසු කරද්දීය.
අවමංගල රථය, දේහය රැගත් රිය පෙරහරේ ඉදිරියෙන් ගමන් කළේ පොලිස් යතුරු පැදිකරුවන් පිරිවරා ගනිමිනි. පසුපසින් උප ජනාධිපතිවරයාගේ පක්ෂ සාමාජිකයන්, ඥාති මිත්‍රාදීන් ඔවුන්ගේ පෞද්ගලික වාහනවලන් පැමිණි බව පැවැසෙයි.
මලාවි වැසියන් පොරකමින් උප ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට තැත් කරද්දී, එසේ පසුපසින් ධාවනය වෙමින් තිබුඛු එක් මෝටර් රථයක් පොරකමින් දේහයට දැක ගැනීමට උත්සාහ කළ පිරිස අතරට කඩා වැදුණු බව මලාවි මාධ්‍ය වාර්තා කරයි.
මලාවි අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. 51 හැවිරිදි උප ජනාධිපති සවුලෝස් චිලීමා අභාවප්‍රාන්ත වූයේ ඉකුත් 11 වැනිදාය. ඒ, ඔහු ගමන් කරමින් සිටි හමුදා යානය අයහපත් කාලගුණය හේතුවෙන් කඩා වැටීමෙනි. උප ජනාධිපති චිලීමා ගමන් කළේ මලාවි හමුදාවේ ‘එයාර් විංග් ඩෝනියෙර් 228-202 කේ’ වර්ගයේ කුඩා ගුවන් යානයකිනි.
(ඒ.එෆ්.පී)
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උප ජනපති අවමංගල පෙරහර 4 ක් බිලි ගනී
Ruwan De Silva Monday, 17 June 2024 05:30 PM
අපේ රටේ ජනපති මැරුණා නම් 100-200 ක් වත් මළ ගෙදරට එන්නේ නෑ...