
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 ජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04) දින අලුයම භාර දී තිබේ .
ඇය ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ 22 හැවිරිදි තරුණියක් වන අතර සිය මිතුරියක සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි.
ඇය අද (04) අලුයම 01.55ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු, ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test) මගින් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මෙම පතුරම සොයා ගෙන තිබේ .
පසුව මෙම තරුණිය, පතුරම ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කවදා හෝ රාජපක්ෂ පවුලේ ගමන් මලු පරීක්ෂා කර තිබේද? අනවශ්‍ය ප්‍රශ්න නැතුව ඇයව නිදහස් කරන්න. අවුරුදු 30ක යුද සමයේ දී ඔවුන් අපට බොහෝ උදව් කළ අතර දැන් අපට රැකියා රාශියක් ලබා දී ඇත.
ඉතා හොඳ වැඩක්. කිසිම ආයුධයක් ෆ්ලයිට් එකට ගෙනියන්න දෙන්න එපා...
ලංකාවට එන විට මලු පරික්ෂා කරන්නේ කස්ටම් එකෙන් ලංකාවෙන් පිට වෙන විට හැම කෙනෙක්ගේම බෑග් ආරක්ෂක අංශයෙන් චෙක් කරනවා. ලොකු පොඩි කියලා නැහැ...
මම කියන්නේ නැහැ පරීක්ෂණයක් කරන්න එපා කියලා. මගේ අදහස නම් රාජපක්ෂලා මේ රටට විශාල ජාවාරම් සිදු කරන නමුත් සියලු බලධාරීන් නිහඬව සිටින බවයි. වරක් ගෝඨාභයගේ පුත්‍රයා ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය අතර ශ්‍රී ලංකා රේගුව පරීක්ෂා කර නිහඬව සිටි නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ බලධාරීන් මුදල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. නීති රෙගුලාසි සියලුම මගීන් සඳහා සමාන විය යුතුයි...
ලෝකේ කිසිම රටක පතුරම් වැනි පුපුරන ද්‍රව්‍ය මගී ගුවන්යානා තුළට සාමාන්‍ය මගීන්ට ගෙන යන්න දෙන්නේ නැහැ. ඒක ජාත්‍යන්තර නීතියක්, පුද්ගලයා හෝ රට අදාල වන්නේ නැහැ.