IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උන්ඩයක් සමග ඊශ්‍රායල තරුණියක් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ආපසු ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබූ මිලි මීටර් 5.56 ජීවී පතුරමක් කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත අද (04) දින අලුයම  භාර දී තිබේ .

ඇය ඊශ්‍රායල යුධ හමුදාවේ සේවය කළ 22 හැවිරිදි තරුණියක් වන අතර සිය මිතුරියක සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණ තිබුණි.

ඇය අද (04) අලුයම 01.55ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු, ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test) මගින් පරීක්ෂා කිරීමකට ලක් කිරීමේ දී මෙම  පතුරම සොයා ගෙන තිබේ .

පසුව මෙම තරුණිය, පතුරම ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .



අදහස් (7)

උන්ඩයක් සමග ඊශ්‍රායල තරුණියක් අල්ලයි

nimal Monday, 04 March 2024 11:23 AM

ඔබ කවදා හෝ රාජපක්ෂ පවුලේ ගමන් මලු පරීක්ෂා කර තිබේද? අනවශ්‍ය ප්‍රශ්න නැතුව ඇයව නිදහස් කරන්න. අවුරුදු 30ක යුද සමයේ දී ඔවුන් අපට බොහෝ උදව් කළ අතර දැන් අපට රැකියා රාශියක් ලබා දී ඇත.

:       18       11

manjulaMonday, 04 March 2024 02:22 PM

නිමල් හරිම මෝඩයෙක්. කවදාවත ෆ්ලයිට් එකක ගියපු කෙනෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ.. කිසිම මගියෙකුට ආයුධයක් හෝ අදාළ නොවන දෙයක් ගෙනයාම තහනම්.. එහෙම වුණොත් කී දෙනෙක්ගේ ජීවිත වලට අනතුරු වෙන්න පුළුවන්ද?

:       0       9

nimalMonday, 04 March 2024 05:30 PM

මම කියන්නේ නැහැ පරීක්ෂණයක් කරන්න එපා කියලා... මගේ අදහස නම් රාජපක්ෂලා මේ රටට විශාල ජාවාරම් සිදුකරන නමුත් සියලු බලධාරීන් නිහඬව සිටින බවයි. වරක් ගෝඨාභයගේ පුත්‍රයා ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් රැගෙනගිය අතර ශ්‍රී ලංකා රේගුව පරීක්ෂා කර නිහඬව සිටි නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ බලධාරීන් මුදල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය... නීති රෙගුලාසි සියලුම මගීන් සඳහා සමාන විය යුතුයි...

:       0       0

prabash Monday, 04 March 2024 02:08 PM

ඉතා හොඳ වැඩක්. කිසිම ආයුධයක් ෆ්ලයිට් එකට ගෙනියන්න දෙන්න එපා...

:       1       7

Lelwala Monday, 04 March 2024 03:13 PM

ලංකාවට එන විට මලු පරික්ෂා කරන්නේ කස්ටම් එකෙන් ලංකාවෙන් පිට වෙන විට හැම කෙනෙක්ගේම බෑග් ආරක්ෂක අංශයෙන් චෙක් කරනවා. ලොකු පොඩි කියලා නැහැ...

:       0       4

nimal Monday, 04 March 2024 08:15 PM

මම කියන්නේ නැහැ පරීක්ෂණයක් කරන්න එපා කියලා. මගේ අදහස නම් රාජපක්ෂලා මේ රටට විශාල ජාවාරම් සිදු කරන නමුත් සියලු බලධාරීන් නිහඬව සිටින බවයි. වරක් ගෝඨාභයගේ පුත්‍රයා ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය අතර ශ්‍රී ලංකා රේගුව පරීක්ෂා කර නිහඬව සිටි නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ බලධාරීන් මුදල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය. නීති රෙගුලාසි සියලුම මගීන් සඳහා සමාන විය යුතුයි...

:       0       0

de silva Tuesday, 05 March 2024 02:09 AM

ලෝකේ කිසිම රටක පතුරම් වැනි පුපුරන ද්‍රව්‍ය මගී ගුවන්යානා තුළට සාමාන්‍ය මගීන්ට ගෙන යන්න දෙන්නේ නැහැ. ඒක ජාත්‍යන්තර නීතියක්, පුද්ගලයා හෝ රට අදාල වන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site