(සමන් පාලිත නානායක්කාර)

දියතලාව ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට පැමිණි කාන්තාවකට උදව් කරන බව අඟවා ඇගේ කාඩ් පත වෙනුවට වෙනත් කාඩ් පතක් මාරු කරදී වංචනිකව රුපියල් ලක්ෂ දෙකක මුදලක් එම කාඩ් පතින් ලබාගෙන පලා යමින් සිටි හිටපු හමුදා සෙබළකු අද  සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පැවසීය .

සැකකරු මැදවච්චිය පදිංචි 48 හැවිරිදි යුද හමුදාවේ සේවය කර ඉවත් වී සිටින අයකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට නොතේරෙන  කාන්තාවකට උදව් කරන මුවාවෙන් කාඩ් පත රැගෙන වෙනත් කාඩ් පතක් මාරු කරදී මොහු වෙනත් ඒ ටී එම් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන කොළඹ බලා යමින් තිබූ බස් රථයකින් ගමන් ගන්නා අතරතුර හල්දුම්මුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පැවසීය.

දියතලාව නගරයේ රට වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී පිටුපසින් පැමිණ බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.