
(යොහාන් භාසුර)
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජනවාරි මාසය සඳහා සියයට සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කළේය.
ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ දී සියයට සෘණ -2.0 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජනවාරි මාසය සඳහා සියයට සෘණ -4.0 ක් දක්වා අඩු වී ඇති බවත් දෙසැම්බර් මාසයේදී සියයට සෘණ -1.0 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජනවාරි මාසයේ සියයට සෘණ -2.5 ක් දක්වා අඩු වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
දෙසැම්බර් මාසයේ සියයට සෘණ -2.9 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ජනවාරි මාසයේ සියයට සෘණ -5.2 ක් දක්වා අඩු වී ඇති බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දැන් කාලගුණ දෙපාර්තමේන්තුවේ මට්ටමට වැටිලා. කියන දේ අනිත් පැත්ත තමා වෙන්නේ. ආණ්ඩුව පච සාගරයක් බව ඇත්ත. ඒත් ආණ්ඩුවේ නිලධාරීන්වත් අඩුගානේ ඇත්ත කියන්න. බඩු මිල අඩු වුනේ කවද්ද?
මට අදහාගන්න බැහැ. ඊයේ පොල්ගෙඩි 4ක් ගෙනාවා ගාණ 990යි. කීරි සම්බා කිලෝ 5ක් 1300යි, රතුහාල් 5ක් 1150යි. මේ සල්ලි ඉතින් හොයන්නේ ගස් වලින් කඩලා තමයි.
මේ ලෙස -100 උණුකළ බඩු නොමිලේ! මොන බොරුවක්ද මේ? පසුගිය මාසය ඇතුළත මිල ඉහළ යාමේ ප්‍රවණතාවය 10% පමණට වේ.
සංඛ්‍යා ලේඛන නිවැරදි ඇති මිනිස්සු හම්බු කරන සල්ලි මදි සහල් , පොල් ගන්න ඒවා බොහෝවිට ගන්නේ ගමේ සිල්ලර කඩෙන් සහ පොලී මුදලිලාගෙන් , ඒවා ඔය කියන රජයේ සංඛ්‍යා ලේඛනවලට වැටෙන්නේ නැහැ , පොල් හාල් , එළවලු , සිල්ලර ගත්තට පස්සේ මිනිස්සුට වෙන වෙන දේවල් ගන්න සල්ලි නැහැ. එම නිසා ඒවාට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එම නිසා උද්දමනය පහළ වැටෙන බවට දර්ශකේ පෙන්වනවා , අපි සියලු දෙනාම සුපර් මර්කෙට් එකෙන් සහල් , පොළ එළවලු මාළු ගත්ත නම් ඔය දර්ශකය ද 6 12 අතර තිබේවි.