(විමුක්ති එස් රුද්‍රිගු)
නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සාර්ථක වී ඇති බව පෙනී ගොස් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කර ඇත.
ඉහළ පොළී අනුපාත හේතුවෙන් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් ආර්ථිකය ස්ථාවර වෙත්ම පොළී අනුපාත අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.
මෙම වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෙම වසරේ පොලී අනුපාත පහළ දැමීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය පහළ යැවූ හැටි නන්දලාල් කියයි
pakeer Monday, 02 January 2023 01:56 PM
එතකොට මේ බඩු ගණන් යන්නේ ඇයි...? උද්දමනය සෘණ අගයක් ගත්තත් වැඩක් නැහැ... බඩුවල ගණන් නැගලා. මට පුදුමේ කිසිම වැඩිපුර නිෂ්පාදනයක් නොකර, කිසිම වෙන වැඩපිළිවෙළක් නොදා, මේ බැංකුවල පොලී විතරක් වැඩිකරලා, නුඹලා කොහොමද මේ ආර්ථිකේ ගොඩගන්නේ කියලා...? මාර වැඩකාරයොනේ...! නුඹලා වගේ එක ගානේ හැම රටේම හිටියා නම් මෙලහකට අපි ඇන්ඩ්‍රොමීඩියාවත් ජනාවාස කරලා...
kaputu raja Monday, 02 January 2023 03:35 PM
ඔබතුමාව ගෙන්නුවේ කිසිම දෙයක් පහළ දමන්න නොවේ. පුළුවන් තරම් ඉහළට ගත යුතුයි. ලෝකයේ පළමු තැනට යන්න ඕනේ... නැතිනම් වැඩක් නැහැ...
ලුම්බිණි Monday, 02 January 2023 04:15 PM
මම හිතන් නැහැ මහා බැංකුව එතරම් වැදගත් දෙයක් කළා කියල (විනිමය අනුපාතය ස්ථාවර කිරීම හැර.) තවමත් පිටරට සල්ලි වැඩිපුර යන්නේ කළු කඩයේ මිලට.
Sunil Monday, 02 January 2023 05:39 PM
උද්ධමනය ඉහළයෑම සැලකිය යුතු වෙනසක් වෙලා නැහැ. තවමත් උද්ධමනයක් තියෙනවා... මෙයත් කබ්‍රාල් වගේ ජනතාව රවට්ටන්න දක්ෂයි..