(විමුක්ති එස් රුද්‍රිගු)

නොවැම්බර් මස උද්ධමනය සියයට 61ක් සහ දෙසැම්බර් මස උද්ධමනය සියයට 57.2 දක්වා අඩු වීමෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති සාර්ථක වී ඇති බව පෙනී ගොස් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කර ඇත.

ඉහළ පොළී අනුපාත හේතුවෙන් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් ආර්ථිකය ස්ථාවර වෙත්ම පොළී අනුපාත අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත පෙන්වා දී තිබේ.

මෙම වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මෙම වසරේ පොලී අනුපාත පහළ දැමීමට ක්‍රියාමාර්ග ගන්නා බවත්   ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.