(හර්ෂණ තුෂාර සිල්වා)
මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (6) පැවැසීය.
මේ වසරේ 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීය.
සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බව ද අධිපතිවරයා කීවේ ය.
මෙම මාසයේ දී උද්ධමනය ඉහළ ගොස් ඉන් පසුව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළ බවත් සත්‍ය තත්ත්වය ද ඒ දෙසට ගමන් කරමින් තිබුණත් සැප්තැම්බර් මාසයේ දී අපේක්ෂා කළාට වඩා උද්ධමනය ඉහළ ගිය බවත් අධිපතිවරයා කීය.
සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය 67.8 ක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් කෙසේ නමුත් උද්ධමනය ගණනය කළ පසු 69.8ක් වූ බවත් හෙතෙම කීවේ ය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ලබන මාසයේ දී මෙම මාසයට වඩා අඩුවනු ඇතැයි ද එසේ වුවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මේ මාසයේ උද්ධමනය තවදුරටත් වැඩි වනු ඇතැයි ද වීරසිංහ මහතා පැවැසීය.
මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇතැයි ද ඒ අනුව දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇතැයි හෙතෙම කීය.
ශ්‍රී ලංකාව මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය අඩු වනු ඇතැයි ද ඔහු කීවේ ය.
ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බව කී අධිපතිවරයා එසේ ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා යැයි ද කීවේ ය.
උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද ඔහු කීය.
පොලී අනුපාත ඉහළයක පවත්වාගෙන යන්නේ උද්ධමනය පාලනය කරගනිමින් අඩු කරගැනීමට යැයි ද ඔහු කීවේ ය.
උද්ධමනය පාලනය වී අඩු වීමේ ප්‍රවණාතවක් අඩු වූ පසු පොලී අනුපාත අඩු කිරීමට ඉඩ සැලසෙනු ඇතැයි ද අධිපතිවරයා කීය.
සියලු කර් මාන්ත, සියලු ව්‍යාපාර, සියලු සේවාවලට වඩාත් වැදගත්ම දෙය වනුයේ උද්ධමනය පාලනය කරගැනීම යැයි ද හෙතෙම පැවැසීය.
පසුගිය කාලයේ දී එය කරගත නොහැකි වූ බවත් පසුගිය කාලයේ දී ප්‍රමාණයට වඩා අඩුවෙන් තබාගැනීමත් මුදල් අච්චු ගැසීමත් යනාදියේ ප්‍රතිඵල අද අත්විඳින්නට සිදු වී ඇති බවත් ඔහු කීවේ ය.
නැවත වරක් පොලී අනුපාත අඩු කළහොත් නැවත වරක් ඒ සමාන ප්‍රතිඵල, ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත් හෙතෙම කීය.
සියලු දේ පවත්වාගෙන යා හැක්කේ පොලී අනුපාත ඉහළ අගයක පවත්වා ගැනීමෙන් පමණක් බව කී අධිපතිවරයා උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් සියල්ල ඉක්මනින් කඩා වැටෙනු ඇතැයි ද අධිපතිවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලාගේ මුදල් අච්චු ගැසීම සහ හැකි තරම් ණය ගැනීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් රටට ගොඩ එන්න හැකියාවක් නෑ. රටේ ආදායම වැඩි කර ගන්න විකල්ප සොයා ගතයුතුයි.
එහෙම නම් මේ මාසේ ඔය දොඩමළු පාර්ලිමේන්තු හැම සැසිවාරයක්ම " සූම් " තාක්‍ෂනයෙන් රටටම පේන්න කරලා රටට සල්ලි ඉතුරු කරලා පෙන්නන්න..! මොකද " සූම්" තාක්‍ෂනයෙන් පාසල්වල ලමයි විභාග කරලා ඔය ඉහලින්ම පාස්වෙලා විශ්ව විද්‍යාලවලටත් ඇතුලු වුනේ මුලු රටටම ආදර්ශයක් දෙමින්නේ..!
ඇයි දැන් උඹ කිව්වෙ ලබන අවුරුද්දෙ මැද වෙනකොට මේක හරියනවා කියලා. මෝඩයිනේ නිෂ්පාදනය වැඩි කරපල්ලා. අනිත් රටවලට නිෂ්පාදන යවලා සල්ලි හොයපල්ලා. ඕකෙ ආයෙත් රොකට් සයන්ස් නැහැ. හරිම සරළයි. නිෂ්පාදනය.. නිෂ්පාදනය.
ඔයාට ගෙදර යන්න කියලා තමයි කියන්න වෙන්නේ බැරි නම්.
ඔයාගෙ ප්‍රතිපත්තිය වෙන්නේ බදු අය කිරීමනෙ
විරුවෙක් රටකට කරපු හරියක්... හොඳට තිබුණු රටක්... අපි වැටිච්ච තැනක්...
ඕක කියන්න මෙයා ඉන්න ඕනේද?
ඇයි? දැන් හිතුන හිතුන ගණන් වලට බඩු විකුනලා කළු කඩ කාරයින්ට එපා වෙයි ද ලබන මාසයේ.මම හිතුවේ මේ මනුස්සයා ටිකක් මොලයක් ඇති කෙනෙක් කියලා
ඔයා මේ රස්සාවට හරියන් නෑ මහත්තයෝ. කබ්‍රාල්ලා, මහේන්ද්‍රන්ලා වගේ එකපාර මුලු රටටම දැනෙන වැඩක් කරන්න පුළුවන් කෙනෙක් තමයි ඕනේ... බලන්න, එයාලා අපිට ලබාදුන්න ආර්තික නිදහස සහ සුරක්ෂිතභාවය නේද අපි මේ රටක් විදිහට සාමූහිකව භුක්ති විඳින්නේ... මහේන්ද්‍රන් පාස්, නන්දලාල් ෆේල්, රනිල් පාස්, ගෝඨාභය ෆේල්, අරගලයට ජයවේවා...!!!