(විමුක්ති එස් රුද්‍රිගු)
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අගෝස්තු මාසයේ සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.එය ජූලි මාසයේදී සියයට 66.7 ක් ලෙස සටහන් විය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූලි මස සියයට 82.5 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මස සියයට 84.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.එසේම ජූලි මස සියයට 52.4 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මස සියයට 57.1 දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.
අගෝස්තු මස සියයට 70.2 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 40.4 දායකත්වයක් ලබා දී ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 29.8 ක දායකත්වයක් ලබා දී ඇත.
මාළු,ළදරු කිරිපිටි,ටින් මාළු,එළවලු,කිරිපිටි,කරවල,පොල්තෙල්,පාන්,නූඩ්ලස්,බිත්තර,තිරිඟු පිටි,මිරිස් කුඩු සහ ලුණු යන ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වීමත් මයිසූර් පරිප්පු, හාල්, සීනි, ලොකුළූණු, අර් තාපල්, දෙහි, වියළි මිරිස්, අමුමිරිස් සහ රතුළූණු යන ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමත් කැපී පෙනෙනු බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර් තමේන්තුව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් බේබිලා දැන් කන්ඩ ලඟයි.